gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රටම කැලඹූ කාලගුණය ගැන සුභ ආරංචියක්

දිවයිනට බලපා ඇති වැසි සහිත කාලගුණ තත්ත්වයේ අඩු වීමක් අදින් (26)පසුව බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පල කරනවා.

වායුගෝලීය කැලඹිලි ස්වභාවයක් හේතුවෙන් පසුගිය දින 6 ක පමණ කාලයක් ප්‍රධාන වශයෙන් නිරිත දිග ප්‍රදේශ ඇතුලු දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට තද වැසි ඇද හැලුණා.

කාලගුණ විද්‍යාදෙපාර්තමේන්තුව පවසන්නේ මෙම
වැසි තත්ත්වය අද දිනයේදීත් පවතිනු ඇති බවයි.

විශේෂයෙන් සබරගමුව, බස්නාහිර, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට තවදුරටත් මිලිමීටර් 100 - 150 ත් අතර තද වැසි පවතිනු ඇති බවට කාලගුණ අංශ අනතුරු අඟවනවා.

දිවයින අවට මුහුදු ප්‍රදේශ සැලකීමේදී මන්නාරම සිට කොළඹ ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වාවන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 80 ක් දක්වා වැඩිවීමේ අවදානමක් පවතිනවා.

ඒ පිළිබඳ අවධානයෙන් පසුවන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර සහ නාවුක ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනවා.

මේ අතර කාලගුණ අනතුරු ඇඟවීමේ සිතියම් වලට අනුව අදින් පසුව පවතින වැසි තත්ත්වයේ අඩුවීමක් පෙන්නුම් කෙරෙනවා.

මේ අතර දිවයිනේ ප්‍රධාන ගංගාවල ජල මට්ටම සම්බන්ධයෙන් අද අලුයම නිකුත්වූ නවතම වාර්තාව පහතින්.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka