gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ක්‍රිකට් ආයතනයට අද රෑට අතුරු කමිටුවක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අද (31) රාත්‍රියේ අතුරු කමිටුවක් පත් කිරීමට සූදානමක් ඇතැයි ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිප පොළක් හා දක්ෂ පරිපාලකයන් කිහිපදෙනෙකු එම කමිටුවට ඇතුළත් කිරීමට සැරසෙන බවද පැවසේ.

කෙසේවුවද, දැනට අතුරුකමිටුවක් සේ ක්‍රියාත්මක වන තිලංග සුමතිපාල මහතාගේ සභාපතිත්වයෙන් යුත් කමිටුව ඉදිරි නිලවරණය දක්වා තබන්නැයි විශයභාර අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතාගෙන්  එම පාර්ශවය ඉල්ලා ඇති බවද පැවසේ.

ෆයිසර් ඇමතිවරයා දැනට සිටින කමිටුවේ නිලධාරීන්ව මුණගැසීමට අද පෙරවරුවේ ක්‍රිකට් ආයතනයට පැමිණෙන බව දන්වා තිබුණද ඔහු එහි පැමිණ නැති බව වාර්තා වේ.

පසුව ඔහු ඔවුන්ට දන්වා ඇත්තේ තමා මුණ ගැසීමට අමාත්‍ය කාර්යාලයට පැමිණෙන ලෙසයි.

මේ අතර, ඊයේ (30) ෆයිසර් ඇමතිවරයා හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් සිදුව ඇති බවට ද වාර්තා පැතිර තිබේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka