gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

උපාධිධාරීන් බඳවගන්න කැබිනට් අනුමැතිය !

වයස අවුරුදු 45ට අඩු රැකියා විරහිත උපාධිධාරින් 20,000ක් බඳවාගෙන පුහුණු කිරීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වේ.

මේ සඳහා අයදුම් කරන ලද වයස අවුරුදු 45ට අඩු සියළුම රැකියා විරහිත උපාධිධාරින් සම්මුඛ පරීක්ෂණ සදහා කැදවීමටත් ඔවුන් අතරින් උපාධිධාරින් 5,000ක් 2018 ජූලි මාසයේදී ද තවත් 15,000ක් සැප්තැම්බර් මාසයේදී ද පුහුණුව සඳහා බදවා ගැනීමට සැලසුම් කර ඇති බවද පැවසේ.

පුහුණු වන කාලය තුළ ඔවුන්ට මසකට රුපියල් 20,000ක දීමනාවක් ලබා දීමටත් ඉතිරි උපාධිධාරින් 2019 වර්ෂයේදී අදියර වශයෙන් පුහුණුව සදහා බදවාගැනීමටත් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු ඇමති වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවකට කැබිනට් මණ්ඩලය විසින් ඊයේ (30) අනුමැතිය ලබා දී ඇත.

පුහුණුව සම්පූර්ණ කරනු ලබන උපාධිධාරින් අතුරින් සංවර්ධන නිලධාරි ව්‍යවස්ථාව යටතේ සුදුසුකම් සපුරන උපාධිධාරින් සංවර්ධන නිලධාරී පුරප්පාඩු සඳහා බඳවා ගන්නා ලබන බවද අග්‍රාමාත්‍යවරයා කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කළ යෝජනාවේ දැක්වේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka