gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

දකුණේ පැතිර යන වෛරසය වැළදුණු අය අනිවාර්යයෙන්ම පිළිපැදිය යුතු කරුණු මෙන්න

දකුණු පළාතේ පැතිර යන වෛරස් රෝගයට ගොදුරු වූවන් රෝගය සුව වී නිවෙස්වලට ගිය පසුවද දින දහයක්වත් විවේක ගත යුතු බව සෞඛ්‍ය අංශ පවසනවා.

එමෙන්ම පාසල් යන දරුවන් ද රෝගය නිට්ටාවටම සුව වන තුරු පාසල් නොයා යුතු බවයි ඔවුන් පෙන්වා දෙනේනේ.

එසේ නොවුන හොත් දෙවන වර රෝගය වැළදීමෙන් අසාධ්‍ය තත්ත්වයට පත්විය හැකි බවයි මාතර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඒ. ඩී. යූ. කරුණාරත්න පවසන්නේ.

වෛද්‍ය ඒ ඩී යූ කරුණාරත්න වැඩි දුරටත් පෙන්වා දුන්නේ,

"රෝග ලක්ෂණ විදිහට ප්‍රධාන වශයෙන්ම කැස්ස, හෙම්බිරිස්සාව, උණ, උගුරේ වේදනාව ඇති වෙනවා. ඊට අමතරව කලාතුරකින් වමනය, පාචනය සහ ශරීරයේ වේදනාව වගේ ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ රෝග ලක්ෂණ තියෙනවා නම් කළ යුත්තේ හැකිතාක් දුරට විවේක ගැනීම. ඒ වගේම ජනතාව ගැවසෙන තැන්වලට යන එකෙන් වැලකීම. විශේෂයෙන් වයස අවුරුදු දෙකට අඩු රෝගීන්, නිදන්ගත රෝග තියෙන රෝගීන් සහ ප්‍රතිශක්තිකරණය ඌණතා තියෙන රෝගීන් වහාම රෝහල් ගත විය යුතුයි. ප්‍රතිකාර ගැනීමෙන් පසු රෝගය සම්පූර්ණයෙන්ම සුව වන තුරු විවේක ගැනීම ඉතා වැදගත්." යනුවෙනි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka