gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අල්ලස්‌ කොමිසමට වෘත්තිකයන් 200 බඳවා ගැනීමට යයි

ඉතිහාසයේ ප්‍රථම වරට අල්ලස්‌ හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම් සභාවට ගණකාධිකාරිවරුන්, විගණකවරුන් සහ ඉංජිනේරුවන් ඇතුළු විශේෂඥ දැනුමක් ඇති වෘත්තිකයන් දෙසීයක්‌ බඳවා ගැනීමට හෙට (01) ගැසට්‌ පත්‍රයක්‌ නිකුත් කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඉදිරියේදී අල්ලස්‌ කොමිසමේ පරීක්ෂණ සහ විමර්ශන කටයුතු වලට විශේෂඥ දැනුම යොදා ගත හැකි වන බව ප්‍රකාශ කළ අල්ලස්‌ හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මෙම පිරිස විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වන විවෘත තරඟ විභාගයකින් තෝරා ගැනෙනු ඇතැයිද දැනගන්නට ලැබෙනවා.

ඒ අනුව මෙතෙක්‌ අල්ලස්‌ කොමිෂන් සභාවට නොසිටි ගණකාධිකාරී වරුන්, විගණකවරුන්, මූල්‍ය විශ්ලේෂකයන්, වෝහාරික පරීක්ෂකවරුන්, බැංකු හා බැඳුම්කර විශේෂඥයන් දෙසීයක්‌ බඳවා ගැනීමට හැකිවනු ඇතැයි පැවසූ ජනාධිපති නීතිඥ ජයමාන්න පළමු අදියර ලෙස පනස්‌ දෙනකු කඩිනමින් සේවයට යොදවා ගන්නා බවද පැවසුවා.

මේ නිසා දැනට අල්ලස්‌ හෝ දූෂණ කොමිසම වෙත ලැබී ඇති මූල්‍යමය අපරාධවලට අදාළ පැමිණිලි සම්බන්ධව විධිමත් ලෙස විමර්ශන කටයුතු සිදු කිරීමට හැකිවනු ඇතැයිද ඔහු ප්‍රකාශ කරනවා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka