gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

"ජනතාවෙන් අඩකටවත් බැංකු ගිණුමක් නෑ"

වර්තමානයේ දී මෙරට ජනගහනය මිලියන 22 කට ආසන්න වී ඇති බවත්, මේ වන විට ශ්‍රී ලංකාවේ සියලූම බැංකුවල ඇති සමස්ත ගිණුම් ප්‍රමාණය මිලියන 10-12 ක් පමණ වන බවත් කොමර්ෂල් බැංකුවේ සභාපති ධර්ම ධීරසිංහ මහතා පවසයි.

අද දෙරණ සමඟින් සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ධීරසිංහ මහතා මේ බව පවසා තිබේ.

“බැංකුවල ගිණුමක් විවෘත කිරීම මූලික කටයුත්තක්. ඉස්සර පාස් පොතක් ගන්න ඕන කියන දේ කුඩා කාලයේ දී දෙමව්පියෝ ඉගැන්නුවා.“

 “අපේ බැංකුවේ ගිණුම් ලක්ෂ 36 ක් පමණ තිබෙනවා. සමහරුන්ට එකකට වඩා තිබෙනවා. ලංකාවේ සියලු බැංකුවල ගිණුම් එකතු කර බැලුවත් මිලියන 10-12 කට වඩා ගිණුම් තියෙනවා කියලා මම හිතන්නේ නැහැ. මේ පිළිබඳව අධ්‍යයනය කරලා නිසි ක්‍රියාමාර්ගයක් ගත යුතුයි.“

මේ අනුව ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් භාගයකට බැංකු ගිණුමක් හෝ නොමැති බව තම හැඟීම බව ධිරසිංහ මහතා අවධාරණය කළේය.

මෙහිදී කොමර්ෂල් බැංකු සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ, මූල්‍ය සාක්ෂරතාවය පිළිබඳ අධ්‍යයනයේ දී බැංකු ගිණුමක් තිබීම දළ මිනුමක් වන බවයි.

කොමර්ෂල් බැංකුවේ සභාපති ධර්ම ධීරසිංහ මහතා සමඟ කළ සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාව පහතින් නැරඹිය හැකිය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka