gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

වැව් බැම්මේ ගස්ටිකත් රජය කපයි (photos)

වැව් බැමි මත ඇති අවදානම් සහිත ගස් ඉවත් කිරීමේ වැඩ සටහනක් ආරම්භ කරන බව වාරි මාර්ග, ජල කළමණාකරන සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර මහතා කියා සිටී.

ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම්  කොට්ඨාසයේ සුරුවිල වැව් බැම්ම මත ඇති අවදානම් සහිත විශාල ප්‍රමාණයේ ගස් සම්බන්ධයෙන් සොයා බැලීම සදහා පැමිණි අවස්ථාවේදී අමාත්‍ය වරයා මේ බව කියා
සිටියේය.

විශාල ප්‍රමාණයේ ඇතැම් ගස් වර්ග වැව් බැමි මත තිබීම අවදානම් බවත්, එම ගස්  වල මූල පද්ධතිය හේතුවෙන් වැව් බැමි මේ වන විට පුපුරා ගොස් ඇති බවත් ඇමතිවරයා මෙහිදී අවධාරණය කළේය.

එමෙන්ම එවැනි අවදානම් සහිත ගස් සුළං හේතුවෙන් බිම ඇද හැළුනොත් වැව් බැමි පුපුරා ගොස් නැවතත් ගංවතුර  තත්ත්වයක් නිර්මාණය වනවා මෙන්ම වගා කටයුතු කර ගැනීමට නොහැකි තත්ත්වයක් ඇති වන බවද පැවසීය.

කෙසේවුවද, වැව් බැමිවල රූස්ස කුඹුක් ගස් වැනි වටිනා ගස් ඇති බැවින් මෙය වෙනත් අරමුණක් ඉලක්කකර සිදුකරන්නක්ද යන්න පිළිබඳව සැකයක් මතුව ඇතැයි ප්‍රදේශවාසීහු කියති.

ජුඩ් සමන්ත - පුත්තලම වාර්තාකරු


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka