gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කෝටි ගාණක් වටින ඉස්සෝ පැනලා යයි (photos)

කඩුපිටිඔය පිටාර ගලා යාම හේතුවෙන් තොඩුවාව සහ ඉරණවිල ප්‍රදේශ වල පිහිටි ඉස්සන් ගොවිපල විශාල ප්‍රමාණයක් ජලයෙන් යටවී ගිය අතර,මෙම හේතුව නිසා තමන්ට සිදුවී ඇති අලාභය රුපියල් ලක්ෂ 1200 ක් පමණ වන බව ඉස්සන් ව්‍යාපාරිකයින් සදහන් කරයි.

පසුගිය දිනවල ඇති වූ අධික  වැසි සමග කඩුපිටිඔය පිටාර ගලා ගියේය. කඩුපිටිඔයට ආසන්නයෙන්
පවත්වා ගෙන ගිය ඉස්සන් ගොවිපල රැසක් මෙම ජලයෙන් යටවිය.

පුත්තලම දිස්ත්‍රික්කය තුළ ඉස්සන් වගා කටයුතු සිදු කරණු ලබන්නේ කලාප ක්‍රමයටය.ඒ අනුව තොඩුවාව උප කලාපය තුළ ඉස්සන් වගා කිරීම සිදු කරන ලැබුවේ මෙම කාලයේය.එසේ වගා කරන ලද ඉස්සන් අපනයනය කිරීම සදහා අස්වැන්න නෙලා ගැනීමට තවත් ඉතිරිව තිබී ඇත්තේ දින කීපයක් පමණි.

තම ගොවිපල වල සිටි ඉස්සන් ග්‍රෑම් 28 - 30 බර ප්‍රමාණයේ පසුවූ බව ඉස්සන් ව්‍යාපාරිකයින් සදහන් කරයි.

ගංවතුර හේතුවෙන් ඉස්සන් ගොවිපල තුළට ජලය ගලා එන්නට පටන් ගෙන ඇති අතර ඉස්සන් පොකුණු වල තිබෙන බැමි කඩා ගෙන ගොස් ඇත.ඒ අතර, ඇතැම් පුද්ගයින් ඉස්සන් පොකුණු වලට බලහත්කාරයෙන් කඩා වැදී ජලයේ ගසා ගෙන යන ඉස්සන් ඇල්ලීමක්ද සිදු කර ඇති බව ගොවිපල හිමියන් සදහන් කරයි.

අක්කරයක් විශාල පොකුණු 107 ක් ගංවතුර තත්ත්වයට බිලි වූ බවත්,එම පොකුණු වල සිටි ඉස්සන් ජලයේ ගසා ගෙන යාමෙන් සිදුවී ඇති අලාභය පමණක් රුපියල් ලක්ෂ 1200 ක් බව ව්‍යාපාරිකයින් සදහන් කරයි.ඊට අමතරව ඉස්සන් ගොවිපල වල බැමි බිදී යාම,විදුලි උත්පාදක යන්ත්‍ර සහ ඉස්සන් සදහා ලබා දෙන ආහාර ජලයට යටවීම නිසා විනාශයට පත්වීම යන අලාභයන් මෙතෙක් තක්සේරු කර නොමැති බවද ඔවුන් කියා සිටී.

ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුවී ඇති විනාශය සම්බන්ධයෙන් සොයා බැලීම සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද පසුගිය දිනක පැමිණියේය.එම අවස්ථාවේදී මහවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ඉස්සන් ව්‍යාපාරිකයින් විසින් මෙම තත්ත්වය පැහැදිලි කර ඇත.සිදුවී ඇති අලාභය සම්බන්ධයෙන් වාර්තාවක් තමන්ට ලබා දෙන ලෙස ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.සිදුවී ඇති අලාභය කෙසේ වෙතත් විනාශයට පත්ව ඇති ගොවිපල නැවත යථා තත්ත්වයට පත් කර ගැනීම සදහා සහන පොලී පදනමක් මත ණය මුදලක් ලබා දෙන ලෙස එම අවස්ථාවේදී ඉස්සන් ව්‍යාපාරිකයින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත.

ගංවතුර හේතුවෙන් තමන්ට අලාභයක් සිදුවූවා මෙන්ම මෙරටට විශාල අපනයන ආදායමක් අහිමි වූ බවද ඉස්සන් ව්‍යාපාරිකයින් සදහන් කරයි.

ජුඩ් සමන්ත - පුත්තලම වාර්තාකරු


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka