gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

වර්ජනයෙන් දුම්රිය ධාවනයට අදත් බාධා !

දුම්රිය තාක්ෂණ සේවා  වෘත්තීය සමිති කමිටුව ආරම්භ කළ පැය 48 සංකේත වර්ජනය හේතුවෙන් අද (30) උදෑසන කාර්යාල දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බව දුම්රිය පාලක මැදිරිය පවසයි.

ඉහළ දැමූ දුම්රිය ශ්‍රේණි කිහිපයක වැටුපට සාපේක්ෂව අනෙක් සේවක වැටුප් ද වැඩිකිරීම ඇතුලූ ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ඔවුන් ඊයේ පස්වරු 04.00 ට මෙම වර්ජනයේ අරම්භ කළේය.

ඊට දුම්රිය ස්ථාන, ධාවනාගාර, අංගන ඇතුළු දුම්රිය
සේවයට සම්බන්ධ සේවකයින් 12,000ක් පමණ එක්ව සිටිති.

 දහවල් වනවිට මෙම තත්ත්වය උග්‍රවනු ඇති බව දුම්රිය තාක්ෂණ සේවා වෘත්තීය සමිති කමිටුව පවසයි.

 එහි ලේකම් එම් ඒ රත්නසිරි මහතා පැවසුවේ දැනට ධාවනය වන දුම්රිය සිය ගමන් වාරය අවසන් වීමෙන් පසු යලි ධාවනය කිරීමට පෙර එහි එංජින් හා මැදිරි සුදානම් කිරීම සිදුකරන්නේ තාක්ෂණික ශිල්පින් මේ වන විට වැඩවර්ජනයට සම්බන්ධ වී සිටින නිසා අද දහවල් වන විට දුම්රිය ධාවනයට බලපෑම් එල්ල විය හැකි බවයි.

මේ අතර ධාවනයට එක්කළ දුම්රිය  එන්ජින් තුනක් ඊයේ (29) පස්වරුවේ ක්‍රියා විරහිත වූ අතර දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ මෙය කඩාකප්පල්කාරී ක්‍රියාවක්දැයි සැක මතුවන බවයි.

කෙසේවෙතත් වර්ජනයේ නිරත කිසිඳු දුම්රිය සේවකයෙකු එවැන්නක් සිදු කර නොමැති බව දුම්රිය තාක්ෂණ සේවා  වෘත්තීය සමිති කමිටුවේ ලේකම් එම් ඒ රත්නසිරි මහතාට පැවසිය.

රාත්‍රී තැපැල් දුම්රියත් ප්‍රමාදයි :

මේ අතර මෙම වර්ජනය හේතුවෙන් කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කරන රාත්‍රී තැපැල් දුම්රිය කිහිපයක් ප්‍රමාද වී ඇත. ඊට හේතුවී ඇත්තේ අංගනයෙන් පැමිණෙන ඇතැම් දුම්රියවල කේබල් පද්ධති ක්‍රියා විරහිත කර තිබීමයි.

කෙසේවෙතත් පසුව යළි එම දුම්රියන් යථා තත්ත්වයට පත් කිරීමෙන් පසු ධාවනයට එක් කර තිබිණ.

මේ අතර මෙම වර්ජනය හේතුවෙන් සියලූ දුම්රිය සේවකයින්ගේ නිවාඩු අවලංගු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව ඊයේ නිවේදනය කළේය.

සේවයට වාර්තා නොකරන අනියම් ආදේශක හා කොන්ත්‍රාත් සේවකයින් දුම්රිය තාක්ෂණ සේවකයින් සේවය හැරගියා සේ සලකන බව එම  දෙපාර්තමේන්තුව දැනුම්දී සිටියේය.

වෘත්තීය සමිති කිහිපයක් ඊයේ පස්වරුවේ ආරම්භ කළ පැය 48 වර්ජනයත් සමග එම සේවකයින්ගේ නිවාඩු අවලංගු කළ බවත් වහාම සේවයට වාර්තා කරන ලෙසත් දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka