gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

වාහන මිල ඩබල් ත්‍රිබල් වෙයි..?

ආනයනය කරන බොහෝ වාහනවල මිල දෙගුණයකින් පමණ ඉහළ යාමේ අවධානමක් මතුව තිබෙන වාර්තාවෙයි.

වාහන වලට බල පවත්වන අලුත් බදු ක්‍රමය නිසා මෙම තත්වය උදාවී ඇති බව වාහන වෙළෙඳුන්ගේ සමිති සංගමයේ සභාපති ගිහාන් පිලපිටිය සඳහන් කරයි.

පසුගිය අයවැයෙන් හඳුන්වා දුන් නව බදු ප්‍රතිපත්තිය
නිසා පියවරෙන් පියවර බදු වැඩිවන බව ඔහු සඳහන් කරන අතර, මෙරටට වැඩිපුර ආනයනය කරන ජපන්, කොරියන් සහ ඉන්දියානු වාහනවල මිල ඒ රටවල වැඩිවෙමින් පවතීමත්, ; රුපියලේ අවප්‍රමාණවීමත් වාහන මිල කෙරෙහි අහිතකර ලෙස බලපා තිබේ.

මෙම තත්ත්වය නැති කිරීමට නම් මිල මත පදනම් වන ආනයන බදු ක්‍රමයක් ගෙනා යුතු බව ඔහු පෙන්වා දෙයි.මෙයට පෙර වාහනවලට බදු ගැනීමේදී වාහනයේ එන්ජින් ධාරිතාව මත සිදුවිය.

කෙසේ වුවත් බොහෝ ආනයනකරුවන් තවමත් අලෙවි කරන්නේ පැරැණි බදු ක්‍රමය යටතේ ගෙන්වා ඇති වාහන නිසා ඒවායේ මිල වැඩිවීමක් බැලූ බැල්මට නොපෙනුණද නව බදු ක්‍රමය නිසා ඉදිරියේදී ගෙන්වන වාහන මිල අසාධාරණ ලෙස වැඩිවන බව සඳහන් වේ.

ඇතැම් ව්‍යාපාරිකයන් මිල පිළිබඳ පමණක් සලකා රටට නොගැලපෙන වාහන ගෙන්වීම නිසා පාරිභෝගිකයන් මෙන්ම ආනයනකරුවන්ද අපහසුතාවට පත්ව ති‍ෙබ්. අද රටට ආනයනය කරන ඇතැම් ජර්මන් හා ඉංග්‍රීසි වාහන රටේ මාර්ග පද්ධතියට සහ පරිසරයට නොගැලපෙන නිසා පාරිභෝගිකයන් නොදැනුවත්කමින් අමාරුවේ වැටෙන බව ඔහු පෙන්වා දෙයි.

 බොහෝ වාහනවලට අවශ්‍ය අමතර කොටස් ලබාගත නොහැකි අතර යම් අලුත්වැඩියා කිරීමක් සිදුවුවහොත් සුදුසු තාක්ෂණ ශිල්පීන් නොමැති වීමෙන් ගැටලු ඇතිවෙයි. මේ නිසා රජය වාහන ආනයනය පිළිබඳ යම් ප්‍රමිතියක් සකස් කර ක්‍රියාත්මක කළ යුතු බව සභාපතිවරයා පවසයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka