gossip lanka

ශ්‍රීලනිපය ගමින් ගමට !

ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය විසින් යහපාලන ආණ්ඩුව යටතේ සිදුකර ඇති ජනතා මෙහෙවර ගමින් ගමට ගොස් පැවසීමට තීරණය කර ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා පැවසිය.

ඔහු එබව සඳහන් කලේ ඊයේ (29) අම්බලන්තොට පැවති උත්සවයක දිය.  ඉන්දියන් රජයේ ආධාර ලෙස ලැබී තිබූ පාපැදි, මහන මැෂින් හා උදළු තල අම්බල්තොට දෙහිගහලන්ද ප්‍රදේශයේ ජනතාවට
බෙදාදීම වෙනුවෙන් එම උත්සවය සංවිධානය කර තිබිණ.

එහිදී අදහස් දැක්වූ ඇමතිවරයා මෙසේද පැවසිය.

''ආණ්ඩුව වැඩ කරන්නේ නැහැ කියලා විතරමයි ජනමාධ්‍යයෙන් කියන්නේ. ඒ කියන දේ පමණයි ජනතාවත් දන්නේ. මේ ආණ්ඩුව ගෙවනු වසර දෙක තුළ විශාල වැඩක් කරල තියනවා. ඒ කිසිවක් මාධ්‍ය මගින් කියන්නේත් නැහැ පෙන්වන්නෙත් නැහැ.

එම නිසා රජය ලෙස අපි තීරණය කලා ගමින් ගමට ගිහින් රැස්වීම් තියලා ජනතාව දැනුවත් කරන්න මේ රජය මෙතෙක් කරපු වැඩ පිළිබඳව.

තමාගේ දේශපාලනයේ දී  වැඩියෙන්ම ජනතාවට ගමට වැඩ කරන්න පුළුවන් වුණේ මේ වස‍ර දෙකේ දී බව මහින්ද අමරවීර ඇමතිවරයා කීය.


gossip lanka