gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ෆර්ඩිනැන්ඩස්ටත් FCID යට එන්න කියයි !

පසුගිය රජය සමයේ මහ බැංකු බැඳුම්කර විකිණීමේ දී රුපියල් බිලියන 12ක මුදලක් සම්බන්ධයෙන් වෝහාරික විගණනයක් සිදු කරන්නැයි කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය නියෝග කළාය.

මේ නියෝගය කරනු ලැබුවේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයේ ලේකම්වරයාටය.

ලංකා විදුලි බල මණ්ඩලය හා මූල්‍ය අපරාධ
කොට්ඨාසය අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින් මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය ලබා දුන්නාය.

ඉදිරියේදී පරිණත වීමට අදාල බැඳුම්කර කවරේද, ඒවා පවතින්නේ කා සන්තකයේ ද, වෙනත් පාර්ශ්වයන්ට පවරා ඇත්ද යන්න සම්බන්ධයෙන් දෙසතියක් තුළ කරුණු වාර්තා කරන ලෙසද මහේස්ත්‍රාත්වරිය එහිදී නියෝග කර සිටියාය.

රජයේ ආයතනයක් වන විගණකාධිපති දෙපාර්තමේන්තුව හරහා අදාල විගණන සිදු කිරීමට හැකියාව පවතීද යන්න පිළිබඳ දැනුම් දෙන ලෙස ද දැනුම් දුන් අධිකරණය පසුගිය වසරේ ජුලි 08 වැනිදා සහ 25 වැනිදා යන දෙදින තුළ එන්ට්‍රස්ට් සිකියුරිටීස් සමාගමේ හා එම සමාගම ආයෝජනය කළ ඉහත සඳහන් මුදල් ගලා ගිය සමාගම් ගණනාවක දේපොල විකිණීම, පැවරීම හා අන්සතු කිරීම මෙන්ම පොලියට දීම, නීතිමය රාමුව තුළ තහනම්කර තිබේ.

මේ නඩුව සම්බන්ධයෙන් සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන දැනට ඇප මත මුදා හැර සිටින චානුක උපේන්ද්‍ර රත්වත්තේ ඇතුලු සැකකරුවන් හතර දෙනා අධිකරණය හමුවේ පෙනී සිටියේය.

මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලයේ හා විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ හිටපු ලේකම් එම්.ආර්.එම්. ෆර්ඩිනැන්ඩස් මහතාට ලබන 22 වැනිදා මූල්‍ය අපරාධ කොට්ඨාසයට ප්‍රකාශයක් ලබාදෙන ලෙස අධිකරණය නියෝග කළාය.

ෆර්ඩිනැන්ඩස් මහතා පදිංචිව සිටින ඕස්ට්‍රේලියාවේ ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එම දැනුම්දීම කරන ලෙස අධිකරණය කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරියට මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka