gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අවවාද නොතැකූ නිසා වතුරට ගිය ජීවිත (photos)

මේ දිනවල පවතින අධික වර්ෂාවත් සමඟ ඇතිවිය හැකි ආපදා තත්ත්වයන් පිළිබඳව නිවේදන නිකුත්කර තිබියදී ඊයේ (22 දා) සවස විනෝද වීම සදහා ගිංඔයට පැන අතුරුදන්ව ඇති පාසල් සිසුවෙකු  බව වෙන්නප්පුව පොලිසිය පවසයි.

මෙසේ දියේ ගිලී අතුරුදන්ව ඇත්තේ වෙන්නප්පුව -ලුණුවිල, පීරිස්වත්ත පදිංචිව සිටි ආර්.මධුර ඩිල්ෂාන් (අවු:17) නම් අයෙකි.

තවත් පිරිසක් සමග ගංවතුර බැලීමට ගොස් ඇති
පාසල් සිසුවා එක් වරම ජලයට පැන ඇති බවත්, අනතුරුව ඔහු නොපෙනී ගොස් ඇති බවත් පොලිසිය පවසයි.
ඔහුගේ සිරුර මෙතෙක් සොයා ගෙන නැත.

මේ අතර හලාවත - කොළඹ මාර්ගයේ මාදම්පේ ප්‍රදේශයේදී මාර්ගය හරහා ගලා යන ජලයේ ගමන් නොකරන ලෙස පොලිසිය කළ අවවාද නොතකා ඒ හරහා ගමන්ගත් යතුරු පැදියක් ජලයේ ගසාගෙන ගොස් තිබේ.

එම ස්ථානයේ සිටි මදම්පේ පොලිස් නිලධාරීන් සහ තරුණයින් පිරිසක් විසින් දියේ ගිලී සිටි පුද්ගලයා බේරාගෙන ඇති අතර,යතුරුපැදිය සොයා ගැනීමට නොහැකිව ඇත.

දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයේ තරමක වැඩිවීමක් විශේෂයෙන් අද(23) රාත්‍රියේ සිට බලාපොරොත්තු වන බව  ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියා සිටී.

බස්නාහිර, දකුණු, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් ජනතාව ඒ පිළිබඳව අවධානයෙන් සිටින ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය තව දුරටත් සඳහන් කරයි .

ජුඩ් සමන්ත - පුත්තලම වාර්තාකරු


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka