gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ආසියාවේ කලු සිංහයා ලූෂන් යුරෝපයත් ජයගනී (photos)

ශ්‍රී ලංකාවට අභිමානයක් වෙමින් ආසියානු කායවර්ධන ශූරතාවය දිනාගත් ලූෂන් පුෂ්පරාජ්, ඔස්ට්‍රියාවේ පැවැති ඕස්ට්‍රියානු කාය වර්ධන ශූරතාවලියෙන් දෙවන ස්ථානය දිනා ගනිමින් රිදී පදක්කම දිනා ගැනීමට සමත්වී තිබෙනවා.

 මෙම තරගාවලියට යුරෝපයේ ප්‍රමුඛපෙලේ කායවර්ධන ශූරයන් සියලුම දෙනාම තරඟ වැදුනා.

මෙහිදී ඔහු යුරෝපීය ශූරයා ලෙස වැජබුනු ලෝක ප්‍රසිද්ධ කායවර්ධන ශූර ආර්මින් ගැන්ගල් පරාජය කිරීමට පවා සමත්ව තිබේ. ආර්මින් ගැන්ගල් යනු ලොව හොදම කායවර්ධන ශූරයන් කිහිප දෙනා අතර
ඉහලින්ම සිටි කායවර්ධන ක්‍රීඩකයෙක්. ශ්‍රී ලාංකික කායවර්ධන ශූරයෙකු ආසියාව ජය ගැනීමෙන් පසු යූරොපීය මට්ටමේ ජයග්‍රහනයක් ලබා ගත්තේ ඉතිහාසයේ පළමු වරට වීම විශේෂත්වයක්. ශ්‍රී ලාංකික කාය වර්ධන ශූරයෙකු යුරෝපයේ තරගයකින් ජයග්‍රහණයක් වාර්තා කිරීම නොව යුරෝපීය තරගයකට ඉදිරිපත් වීමට සුදුසුකම් ලැබීමක් හෝ මෙතෙක් සිදුව තිබුනේ නැහැ.

මෙම ජයග්‍රහනයත් සමග ලොව ප්‍රමුඛම කායවර්ධන ක්‍රීඩකයන් අතරට එක්වීමට ලූෂන්ට හැකිව තිබෙනා අතර එය ලෝක මට්ටමේ ජයග්‍රහනයක් වනවා. එම අවස්තාවේ ඡායාරූපය පහතින්.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka