gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අතුරුදහන්ව සිටි චීන ජාතිකයා "වලෙන්" හමුවූ හැටි

අතුරුදහන් වූ චීන ජාතික තරුණයා දන්දෙනිය රක්ෂිතයේ වලක වැටී සිටියදී දරුවන් දෙදෙනෙකු විසින් සොයා ගෙන ඇති බව තිහගොඩ පොලිසිය සදහන් කරනවා.

අදාළ රක්ෂීතයේ ඉඩමක් සුද්ධ කිරීමට පියා සමග කැළයට ගිය දරුවන් දෙදෙනාට වළක වැටී සිටි චීන ජාතිකයා ගේ හඩ ඇසී 119 අංකයට දැනුම් දී ඇති අතර පසුව ඔවුන් විසින් චීන ජාතිකයාට බීමට වතුර ලබා දී තිබෙනවා. පොලිස් හදිසිඇමතුම් ඒකකයට
ලද පණිවිඩයට අනුව තිහගොඩ පොලිසියේ ස්ථානාධීපතිවරයා ඇතුළු කණ්ඩායමක් පැමිණ මොහු ගොඩට ගෙන ගිලන් රථයක් ගෙන්වා මාතර රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහුගේ තත්වය යහපත් තත්වයට පත්වෙමින් පවතින බව මාතර රෝහල් ප්‍රකාශකයෙක් සදහන් කර සිටියා

මිතුරන් තිදෙනෙකු සමග චීනයේ සිට පැමිණ මෙම අධිවේගී ව්‍යාපෘතියේ සේවය කර ඇති අතර සේවයට පැමිණ මුල් දිනයේම දන්දෙනිය රක්ෂීතය ආසනනයේදී අතුරුදහන් විය.  පසුගිය දින කිහිපය තුළදී පොලිසිය හා යුධ හමුදාව එක්ව මෙම චීන ජාතිකයා සොයා ‍විශේෂ මෙහෙයුමක්ද ක්‍රියාත්මක කරණ ලදියි.

ඒ අතර වාරයේදී  චීන ජාතිකයාගේ ජංගම දුරකථනය හා පාවහන් යුගලය සොයා ගෙන ඇති අතර චීන ජාතිකයා සොයා දුන් පුද්ගලයෙකුට මුදල් ත්‍යාගයක් ලබා දෙන බවට ප්‍රදේශයේ පෝස්ටර්ද අලවා තිබු බවයි සදහන් කලේ.

මාතර කොට්ඨාස භාර පොලිස් අධිකාරී ජී.එස් මාරපන ගේ උපදෙස් පරිදි තිහගොඩ පොලිස් ස්ථානාධිපති වසන්ත කුමාර ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් පරික්ෂණයක් ද ආරම්භ කර තිබෙනවා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka