gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ප්‍රභූ වාහන ප්‍රදර්ශනයක් ගංගාරාමයේදී

හිටපු ජානාධිපතිවරු ඇතුළු ප්‍රභූවරු පාවිච්චි කරන ලද  වෙඩි නොවදින වාහන අටක් කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට  ප්‍රදර්ශනය සඳහා ලබා දෙන බව ජනාධිපති ලේකම් කාර්යාලය පවසයි.

හිටපු ජනාධිපතිවරු භාවිත කළ  මෙවැනි වෙඩි නොවදින වාහන අටක් මිට පෙර මුහුදේ ගිල්වා  විනාශ කරනු ලැබීය.

මෙම අධි ආරක්ෂිත වාහන විනාශ කරනුයේ ඒවා
නවීකරණය කර පාවිච්චියට ගත නොහැකි නිසාත් විකිණිමට හා පෞද්ගලික පරිහරණයට පවරා දිය නොහැකි නිසාත්  යැයි ජනාධිපති ලේකම් කාර්යාලය නිකුත් කර ඇති නිවේදනයේ සඳහන් වේ.

මෙම ප්‍රභූ වාහන නැවත අදාල සමාගම්වලට දිය හැකි දැයි විමසන ලද බවත් නැව්  ගාස්තු හා ප්‍රතිචක්‍රීකරණ  වියදම් දරන්නේ  නම්  එමර ථ නැවත භාර ගත හැකි  යැයි  එම වාහන නැවත භාරගත හැකි යැයි එම සමාගම්  දැනුම්දී ඇතැයිද එම නිවේදය පෙන්වා දෙයි.

මේ අතර ජනාධිපති ලේකම් කාර්යාලයේ භාවිත කෙරුණු වාහන 95 ක්  සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන 16 කට බදු දී ඇතැයිද එම නිවේදනයේ දැක්වේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka