gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

විපතට පත්වුණු අයගේ දේපළ කොල්ලකෑමේ අවදානමක්!

ආපදා වලින් ආරක්ෂා වීමට ආරක්ෂිත ස්ථාන වලට යන්න යැයි උපදෙස් ලැබුණද, අතහැර දා යන තම දේපළවල ආරක්ෂාව ගැන නිසි සහතිකයක් කිසිවෙකු ලබාදී නැතැයි ආපදාවට ලක්වූ ප්‍රදේශවාසීන් මැසිවිලි නගනවා.

ආපදාවක් ආ සෑම අවස්ථාවකදීම එලෙස නිවාස හැරගිය විට තම දේපළ සොරසතුරන් විසින් කොල්ල කාගෙන
ගොස් තිබූ බැවින්, නිවාස අතහැර යාමට නොහැකි තත්ත්වයක් උදාවී ඇතැයිද ඔවුහු පෙන්වා දෙන්නේ.

 ආපදා හේතුවෙන් ආරක්ෂිත ස්ථාන වලට යන්නන්ගේ දේපළ ආරක්ෂා කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇතැයි ‍පොලිස් මාධ්‍ය ප්‍රකාශක ‍පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී පැවසුවා.

 ආපදා සහිත ප්‍රදේශ වල නිරන්තරයෙන් ‍පොලිස් නිලධාරීන් යොදවා තිබෙන අතර දැඩි ආරක්ෂාවක් අවශ්‍ය යැයි සිතෙන ප්‍රදේශවලට අවශ්‍ය වුවහොත් ‍පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ද යෙදවීමට කටයුතු යොදා ඇතැයිද රුවන් ගුණසේකර පැවසුවා.

 ආපදා අවස්ථාවකදී වැඩි වටිනාකමක් ඇත්තේ ජීවිත බේරා ගැනීම වන බැවින් හැකි ඉක්මනින් අවදානම් ස්ථාන වලින් ඉවත්වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ඔහු පැවසුවා.

 ජීවිත මෙන්ම දේපළද ආරක්ෂා කිරීම සඳහා ‍පොලීසිය උපරිමයෙන් ක්‍රියාකරන බැවින් ඒ පිළිබඳව බියක් ඇතිකර නොගන්නා ලෙසද රුවන් ගුණසේකර ප්‍රකාශ කළේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka