gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අවතැන් වූ කිරි ගොවීන් ගේ හරක් ඉස්සූ 9ක් මාට්ටු (photos)

බලපත්‍රයක් නොමැතිව කිරි ගවයන් තිදෙනෙකු සහ ගවයන් දෙදෙනෙකු මස් පිණිස බලපත්‍රයක් නොමැතිව හිංසාකාරි ලෙස මස්කෙලියේ සිට ගම්පොල දක්වා ලොරියක ප්‍රවහනය කරමින් සිටි සැකකරුවන් නව දෙනෙකු මස්කෙලිය පොලිසිය විසින් අද (22) අලුයම සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ සොරාකම් කර ඇත්තේ මස්කෙලිය සාමිමලේ මල්ලිඅප්පු ප්‍රදේශයේ වර්ෂාවෙන් පිඩාවට පත්ව
අවතැන් වී සිටි කිරිගොවීන් විසින් තම ගවයන්ව නිවස අසල පට්ටිවල ගාල් කර සිටින ලද ගවයන් වේ.

මස්කෙලිය සාමිමලේ ප්‍රදේශයේ රාත්‍රී මුර සංචාරයේ යෙදී සිටි පොලිස් නිලධාරින් විසින් අදාල ලොරි රථය පරික්ෂා කිරීමෙන් අනතුරුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

මස්කෙලිය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ටිරොන් රත්නායක මහතා පවසා සිටියේ සැකකරුවන් පැමිණි ත්‍රීරෝද හතරක් සහ ලොරි රථයද පොලිස් භාරයට ගෙන තිබෙන බවත්, මෙම සැකකරුවන් ගම්පොල, වැලිගල්ල, උලපනේ, මස්කෙලිය සහ හැටන් දරවල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවත් ය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ ඔවුන් පැමිණි වාහන හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

(ඡායා : රංජිත් රාජපක්ෂ - හැටන් වාර්තාකරු)


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka