gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

තනි දල දැවන්ත ඇතාට විදුලි සැර දමා මරා දමයි…

මුලතිව් පුදුකුඩිඉරිප්පු තේරාවිල් ප්‍රදේශයේදී දැවන්ත ඇතෙකු කිසියම් පිරිසක් විසින් දමා තිබූ විදුලි රැහැනකට හසු වී ඊයේ (21) දින මිය ගොස් තිබියදී සොයාගත් බවට මුලතිව් වනජීවි නිලධාරීහු කියා සිටියහ.

තේරාවිල් වැව ආසන්නයේ කිසියම් පිරිසක් විසින් මෙම තනි දල ඇතාට විදුලි රැහැන් යොදා මරා දමා ඇති බවට සිදුකරන ලද මූලික පරික්ෂණ වලදී හෙලි
වී ඇති අතර විදුලි රැහැන් යොදූ පිරිස් කව්රුන්ද යන්න මෙතෙක් හෙලිවී නොමැත.

කෙසේ වෙතත් මෙම ඇතා පුදුකුඩිඉරිප්පු වැසියන් හඳුන්වා සිටියේ තනි දලයා ලෙසිනි ඊට හේතුව වූවේ පසුගිය දිනයන්හි මුලතිව් දිස්ත්‍රීක්කයේ පැවති නියං තත්වය හේතුවෙන් මෙම තනි දලයා ගම් වැදී වගාවන්ට දැඩි ලෙස හානි සිදු කිරීම හේතුවෙන් බොහෝ පිරිසක් මෙම තනි දලයා දන්නා හඳුනනා ඇතෙකි.

කෙසේ වෙතත් ඊයේ (21) සවස ඇතා මිය ගොස් සිටි ස්ථානයට පැමිණි වනජීවි නිලධාරීන් පොලීසියේ හා ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව ඇතාගේ අවසන් කටයුතු සිදු කොට ඇති අතරම ඇතාගේ දළ මුලතිව් වනජීවි නිලධාරීන් රැගෙන ගොස් ඇත.

ඇතාට විදුලි රැහැන් යොදූ පුද්ගලයින් සෙවීම සඳහා මුලතිව් වනජීවි නිලධාරීන් මෙන්ම පුදුකුඩිඉරිප්පු පොලීසියද විශේෂ පරික්ෂණයක් ආරම්භ කොට ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka