gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

දකුණේ තත්ත්වය පාලනය කරන්න හයිෆෝ ඔක්සිජන් යන්ත්‍ර කඩිනමින් පිටත් කරයි

දකුණු පළාතේ පැතිර යන වෛරසයට ගොදුරුව ප‍්‍රතිකාර ලබන දරුවන්ට කඩිනම් ප‍්‍රතිකාර ලබාදීම සඳහා අවශ්‍ය හයිෆෝ ඔක්සිජන් යන්ත‍්‍ර කරාපිටිය සහ මාතර යන රෝහල් වෙත ලබාදීමට තීරණය කර තිබෙනවා.

ඒ, එම රෝහල්වල ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ ඉල්ලීම මතයි.

හදිසි අවශ්‍යතාවක් ලෙස සලකා මෙම යන්ත‍්‍ර
ලබාදෙන ලෙසටයි සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහට දැනුම් දී ඇත්තේ.

වැඩි වේගයකින් හා පීඩනයකින් දරුවන්ට ඔක්සිජන් ලබාදීමට මෙම යන්ත‍්‍රවලට හැකියාව පවතිනවා.

මේ අතර දකුණු පළාතේ පැතිර යන වෛරස් උණ රෝගී තත්ත්වය පිළිබද සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයද පරීක්‍ෂණයක් ආරම්භ කර තිබෙනවා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka