gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

දුරකථන සංඥා කුළුනුවල බැටරි ගලවා විකුණලා

ජංගම දුරකථන සංඥා කුළුනු වල සවිකර ඇති  වටිනා  බැටරි  රාත්‍රී කාලයේ  පැමිණ සූක්ෂම  ලෙස  ගලවා අලෙවි කරන ලැදැයි පැවසෙන  සංවිධානත්මක  සොර කණ්ඩායමක ප්‍රධානියකු ඇතුළු සැකකරුවන්  දෙදෙනෙකු මෙහෙයුමකින් අද (17) අත්අඩංගුවට  ගත් බව කොච්චිකඩේ පොලිසිය කියයි.

වෙන්නප්පුව ,කොච්චිකඩේ ,සීදුව, මඩම්පැල්ල   යන ප්‍රදේශ  වල දුරකථන සංඥා පද්ධති  කුළුනු වල 
සවිකර  තිබු  ප්‍රධාන විදුලිය විසන්ධි වු විට  විදුලිය සැපයෙන  බැටරි ගලවා  සොරකම් කර රැගෙන ගොස්  ජාඇල  ඒකල ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී අපරාධ අංශයට  ලද තොරතුරු මත අධිවොල්ටීය සහිත බැටරි 32 සොයා ගත් බවත් එම බැටරි වල වටිනා කම ලක්ෂ 40 පමණ වෙතැයි පොලීසිය පවසයි.

ටෙලිකෝම්, ඩයලොග්,  ජංගම දුරකථන සංඥා පද්ධති  කුළුනු වල පහත කොටසක ආරක්ෂිත අයුරින් මෙම බැටරි  සවි කර තිබියදී කිසිවෙකුට සැක නොසිනෙන ලෙස සේවා නඩත්තු  සඳහා  පැමිණි පිරිසක් ලෙස  සැකකරුවන් විසින්  බැටරි ගලවා තිබේ.

ප්‍රධාන විදුලිය    විසන්ධි වූ විට   මෙම බැටරි අධාරයෙන් සංඥා සැපයන බවත් සුර්ය කෝෂ විදුලි  පද්ධතිවලට සවි කිරීමටද හැකියාව ඇති  බැටරි වර්ගයක්  බැවින්  මෙය පහසුවෙන් අලෙවි කරන  ලද මුදල්  මත්කුඩු පානයට යොදා ගත් බව සැකකරුවන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී  අනාවරණය වී ඇත.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka