gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පුහුණුවලත් උපාධි ගුරුවරුන්ට අසාධාරණයක්

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව ලබාදිය යුතු අමතර වැටුප් වර්ධකය, වෘත්තීය පුහුණුව සහිත උපාධි ගුරුවරුන්ට ලබා නොදීමේ වරද නිවැරැදි කරන ලෙස සමස්ත ලංකා උපාධිධාරී ගුරු සංගමය, ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිසමෙන් ඉල්ලීමක් කරයි.

2008 වසරේ සැප්තැම්බර් මස 8දා ශ්‍රේෂ්ඨාධිකරණය නිර්දේශ කළ පරිදි ඉදිරි වැටුප් සංශෝධනවලදී සුදුසු වැටුප් තලයන්හි තැබීමට පියවර ගන්නා ලෙස නිර්දේශ කළද එය ක්‍රියාත්මක නොවූ බව එම
සංගමයේ ප්‍රධාන ලේකම් ඊ.එම්.ජේ.එස්. ද සේරම් පෙන්වා දෙයි.

සාමාන්‍ය පරිදි උසස්වීම් ලබමින් පළමු පන්තියට පැමිණෙන සාමාන්‍ය උපාධි, පුහුණු, ඩිප්ලෝමා ගුරු වර්ගවලට පමණක් අමතර වැටුප් වර්ධකය ලබාදීමෙන්ද, එය වෘත්තීය පුහුණු උපාධි ගුරු වර්ගවලට ලබා නොදීමෙන්ද, මෙතෙක් මෙම ගුරු වර්ග අතර පැවැති වැටුප් පියවර පරතරය නැවත පියවර 1ක් පමණක් බවට පත් වීමෙන් වෘත්තීය පුහුණු උපාධි ගුරුවරුන්ට අයුක්තියක් වන බව ඔහු සඳහන් කරයි.

මෙම වරද නිවැරදි නොකරන්නේ නම් මෙම කොමිසම මඟින් එම වෘත්තීය පුහුණු උපාධි ගුරු වර්ගවලට කරනුයේ බරපතල අයුක්තියක් බවත් එම ගුරු වර්ග 2016 වසරට අදාළ රාජ්‍ය පරිපාලන වැටුප් චක්‍රලේඛයෙහි වැටුප්තලවලට අන්තර්ග්‍රහණය කිරීමේදී ඉතා බරපතල වැටුප් විෂමතාවලට ගොදුරු වන අතර එය ඉතා ඛේදනීය තත්ත්වයක් බවත් ඔහු අවධාරණය කරයි.

එමෙන්ම 2006 වසරේ රාජ්‍ය පරිපාලන වැටුප් චක්‍රලේඛය යටතේ පුහුණු හා උපාධි ගුරු වර්ග අතර පැවැති වැටුප් පියවර පරතරය පියවර 9ක් ලෙසට මෙම කොමිසම මඟින් 2014 සැප්තැම්බර් මස 11 දිනැති ලිපියෙන් අධ්‍යාපන බලධාරීන් වෙත ලබාදී ඇත්තේ වැරදි පණිවිඩයක් බවත් එහි සත්‍ය පරතරය පියවර 6ක් වන අතර එය නිවැරැදි කිරීම කොමිසම සතු කාර්ය බවත් ඔහු සඳහන් කරයි.

පසුගිය වසර තුනක කාලය පුරා කළ ඉල්ලීම් මෙම කොමිසම මඟින් නොසලකා හැරීමෙන් ගුරු සේවයේ ගුරුවරුන්ටත් විදුහල්පතිවරුන්ටත් බලවත් අසාධාරණයක් සිදුව ඇති බැවින් මේ පිළිබඳව සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබා දෙන ලෙසද ඔහු කොමිසමෙන් ඉල්ලා සිටී.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka