gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

යටවූ නිවාස පිළිසකර කිරීමට රු. 10,000ක්



ජලයෙන් යටවූ නිවාස පිරිසිදු කර ගැනීම සඳහා රජය මඟින් රුපියල් 10,000ක මුදලක් ලබා දෙන බවත් ආපදාවට පත්වූ නිවාස සඳහා රුපියල් ලක්ෂ 25 දක්වා ඇස්තමේන්තු ගත වන්දි මුදලක් ලබාදීමටද රජය අපේක්ෂා කරන බවත් වාරිමාර්ග, ජල සම්පත් කළමනාකරණ හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි .

ජලය බැස යෑම ආරම්භවීමත් සමඟ ජලයෙන් යටවූ නිවාස කඩිනමින් ඇස්තමේන්තුගත කරන ලෙසට දිස්ත්‍රික් ලේකම් හා ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු අදාළ නිලධාරීන් දැනුවත් කළ බවද පවතින තත්ත්වය මත ඇස්තමේන්තුගත කිරීම අපහසු වී ඇති බවද පෙරේදා (26දා) මහනුවර සිදුව ඇති ආපදා නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව අමාත්‍යවරයා සඳහන් කළේය.

ආපදා වැළැක්වීම සඳහා දීර්ඝ කාලීන වැඩපිළිවෙලක් රජය යෝජනා කර තිබෙන බවත් ඒ අනුව වර්ෂ 2030 වන විට ආපදා අවම කර ගැනීම මූලික ඉලක්කයක් බවත් ආරක්ෂක අංශ, වාරිමාර්ග, වෛද්‍ය ආදී සියලුම අංශ ඒකරාශි කරමින් නව වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට නියමිත බවත් හෙතෙම කියා සිටියේය.

නුවරඑළිය හග්ගල ප්‍රදේශයේ නාය අවදානමක් සහිත ස්ථානයක් පවතින අතර ආපදා වැළැක්වීමේ දීර්ඝකාලීන වැඩපිළිවෙළ යටතේ මාර්ග සංවර්ධන අධිකාරියේ මූලිකත්වයෙන් එම ස්ථාන ස්ථාවර කිරීමේ ක්‍රියාමාර්ග ඉදිරියේදී ආරම්භ කරන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.‍

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මහනුවර දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඉන්දික රණවීර මහතාද මේ අවස්ථාවට එක්විය.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka