gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ වැටුප් වැඩිකරලා

පසුගිය වසරේදී ලැබූ විශාල මූල්‍යමය ප්‍රගතිය හේතුවෙන් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම සමගින් ගිවිසුම් ගතව ඇති ක්‍රීඩකයන්ගේ වැටුප් 2018 – 2019 කොන්ත්‍රාත් කාළය සඳහා 34% කින් ඉහළ නැංවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ (22 වැනිදා) තීරණය කර තිබෙනවා.

කොන්ත්‍රාත් ගිවිසුම්වලට එළැඹ ඇති ක්‍රීඩකයන් 33 දෙනාට මේ වැටුප් වැඩි කිරීමට අමතරව ටෙස්ට්,
එක්දින හා විස්සයි 20 තරග සඳහා ගෙවනු ලැබූ දීමනාද වැඩිවෙනු ඇති.

“ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගිය වසරේදී විශාල ලෙස ලාභ ලැබුවා. මෙයට ප්‍රධාන වශයෙන් හවුල්කරුවන් වූයේ ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රිකට් ක්‍රීඩකයින්. ඔවුන් ජාතික කණ්ඩායම වෙනුවෙන් කළ සේවාවට කෘතගුණ සැළකීමක් ලෙස වැටුප් වැඩි කිරීමට තීරණය කළා” යයි ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා පවසනවා.

‘ඒ’, ‘බී’, ‘සී’, ‘ඩී’ සහ ප්‍රිමියර් යනුවෙන් කොටස් පහකට ක්‍රීඩකයන් කොන්ත්‍රාත් ගිවිසුම් ගතකර තිබෙනවා.  ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, රංගන හේරත්, සුරංග ලක්මාල් හා දිමුත් කරුණාරත්න ‘ඒ’ කාණ්ඩයටත් උපුල් තරංග සහ ඩිල්රුවන් පෙරේරා ‘බී’ කාණ්ඩයටත් අයත් වෙනවා.

කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල, ධනංජය ද සිල්වා, කුසල් ජනිත් පෙරේරා සහ තිසර පෙරේරා ‘සී’ කාණ්ඩයට ඇතුළත් වන අතර අකිල ධනංජය, දුෂ්මන්ත චමීර, අසේල ගුණරත්න, ධනුෂ්ක ගුණතිලක හා නුවන් ප්‍රදීප් ‘ඩී’ කොටසට අයත් වනවා.

සධීර සමරවික්‍රම, රොෂේන් සිල්වා, ළහිරු තිරිමාන්න, ළහිරු ගමගේ, විශ්ව ප්‍රනාන්දු, ලක්‍ෂාන් සඳකැන්, ජෙෆ්රි වැන්ඩසේ, දසුන් ශානක, කෞෂල්‍ය සිල්වා, ෂෙහාන් මධුශංඛ, ළහිරු කුමාර, මලින්ද පුෂ්පකුමාර, අමිල අපෝන්සු, වනිඳු හසරංග, ඉසුරු උදාන සහ ඩිල්ෂාන් මුණවීර ප්‍රිමියර් අංශයට අයත්වන ක්‍රීඩකයෝ වනවා.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka