gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කාලගුණේ අවදානම් - හෙටත් වැසිද?

දිවයිනේ දිස්‌ත්‍රික්‌ක 19 කට බලපා තිබෙන අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඊයේ (24 දා) වනවිට මරණ 13 ක්‌ වාර්තා වී පවුල් 32,136 කට අයත් පුද්ගලයන් 1,25,954 ක්‌ පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානය ඊයේ (24 දා) පැවසීය.

මෙම පීඩාවට පත්වූ පිරිස අතරින් පවුල් 13,832 කට අයත් පුද්ගලයන් 54,232 ක්‌ ආරක්‍ෂිත මධ්‍යස්‌ථාන
251 ක රඳවා ඇතැයි ද හෙතෙම කීය.

ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් අනතුරු ඇඟවීම් කර තිබූ රත්නපුර, කෑගල්ල, මහනුවර, මාතලේ, නුවරඑළිය, බදුල්ල, කළුතර, ගාල්ල, කුරුණෑගල, කොළඹ, ගම්පහ යන දිස්‌ත්‍රික්‌කවලට අද (25 දා) දක්‌වා එය දීර්ඝ කිරීමට පියවර ගෙන ඇත.

කාලගුණ අනාවැකිය

දැනට බලපා තිබෙන වැසි තත්ත්වය හෙට (26 දා) තෙක්‌ පවතින අතර අද (25 දා) දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වේ. ඒ අනුව බස්‌නාහිර, දකුණ, සබරගමුව, මධ්‍යම, වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව පවතී. සෙසු පළාත්වල සවස 2.00 න් පසු වර්ෂාව ලැබීමේ හැකියාව පවතින අතර සබරගමුව, බස්‌නාහිර, මධ්‍යම හා දකුණු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්‌ත්‍රික්‌කවලත් ඇතැම් ස්‌ථානවලට මිලි මීටර් 100-150 ක පමණ වැසි පතිතවීමේ හැකියාව පවතී.

විශේෂයෙන් කන්කසන්තුරය සිට මන්නාරම, කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්‌වා මුහුදු ප්‍රදේශවල තද වැසි ඇතිවීමේ හැකියාව පවතින අතර ගිගුරුම් සහිත වැසි ඇතිවන විට පැයට කිලෝමීටර් 60-70 දක්‌වා සුළඟේ වේගය වැඩිවීමේ හැකියාවක් ඇත.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka