gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කොටින් වල දැමූ පතුරම් පෙට්ටි තොගයක් ගොඩගනියි..

එල්.ටී.ටී සංවිධානය විසින් අවසන් යුධ සමයේ  කිලිනොච්චිය, මුරුසමොටෙයි  ප්‍රදේශයේ වළ දමා තිබු පතුරම් පෙට්ටි 40 ක් හමුවූ බව කිලිනොච්චිය පොලීසිය පැවසීය.

කිලිනොච්චිය පොලීසිය පැවසූවේ මුරුසමොටෙයි, මුරුගානන්ද විද්‍යාලයට පිවිසෙන මාර්ගයේ ගෙවත්ත අයිති ගෙහිමියා ගෙවත්ත පිරිසිදු කරන අවස්ථාවක පළමුව පතුරම් පෙට්ටියක් දැක අනතුරුව
කිලිනොච්චිය පොලීසිය ඒ පිළිබදව දැනුවත් කිරීමෙන් අනතුරුව පොලීසිය සිදුකළ මෙහෙයුමකදී අදාළ ‍පතුරම් පෙට්ටි හමුවු බවටයි.

කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් නි‍යෝග යටතේ පොලිස් විශේෂ කාර්ය බළකා බෝම්බ නිශ්ක්‍රීය අංශය විසින් සිදුකළ මෙහෙයුමේදී ටි 56 පතුරම් පෙට්ටි 02 ක් හා මිලිමීටර 12.5 ක් ප්‍රමාණයේ වන පතුරම් පෙට්ටි 38 ක් සොයාගත් බවද කිලිනොච්චිය පොලීසිය සඳහන් කළේය.

පොලිසිය පැවසූවේ සොයාගත් පතුරම් තොඟය කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, අදාළ පතුරම් භාවිතයට ගතහැකි මට්ටමේ පවතින බවද පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් කියා සිටියහ.

මීට පෙරද අවස්ථා ගණනාවකදී කිලිනොච්චිය,අරවියල්නගර් ප්‍ර‍දේශයේ එල් ටි ටි සංවිධානය වළ දැමු රත්රන්  හා ආයුධ පවතින බවට ලද තොරතුරු මත ස්ථාන කිහිපයක කැනීම් කටයුතු සිදුකළද කිසිවක් සොයා ගැනීමට හැකියාවක් නොලැබිණ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka