gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රතුකුරුසයට බන්ධනාගාරවලට ඇතුළුවන්න අවසර දෙයි !

ආරක්ෂක අමාත්‍යාංශයේ නියෝජනය යටතේ අත්සන් තබන ලද අවබෝධතා ගිවිසුමක් අනුව ශ්‍රී ලංකාවේ බන්ධනාගාරවල හා රැඳවුම් ස්ථානවල රඳවා සිටින පුද්ගලයින් බැලීමට යාමට එම ජාත්‍යන්තර රතුකුරුස සංගමයට අවසර ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

විදේශ කට‍යුතු අමාත්‍ය තිලක් මාරපන මහතා විසින්
මේ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත.

සියලුම රැඳවූවන්ට මානුෂික ආකාරයෙන් සලකනු ලබන බව තහවුරු කිරීම එම සංගමය විසින් සිදු කරනු ලබන අතර, අවධානය යොමු කළ යුතු කරුණු සම්බන්ධයෙන් අදාළ බලධාරින් දැනුම්වත් කරනු ලැබේ.

යුද ගැටුම් අවසාන වීමෙන් පසු ඇති වී තිබෙන වාතාවරණය තුළ, ශ්‍රී ලංකාවේ පවත්වාගෙන යනු ලබන රැඳවුම් ස්ථාන නිරීක්ෂණ කටයුතු හා සංචාර සම්බන්ධයෙන් මෙහිදී රතු කුරුසයේ වැඩි අවධානය යොමුවනු ඇතැයි ද පැවසේ.

ශ්‍රී ලංකාවේ රැඳවුම් ස්ථානවල තත්ත්වය හා රැඳවූවන්ට සලකනු ලබන ආකාරය වැඩිදියුණු කිරීම සඳහා සහ ශ්‍රී ලංකාවේ බන්ධනාගාර පද්ධතිය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව සකස් කිරීමේදී ජාත්‍යන්තර රතුකුරුස සංගමය සතු පුළුල් ජාත්‍යන්තර අත්දැකීම් සහ විශේෂඥභාවය ශ්‍රී ලංකාවට ලබාගැනීම තවත් අරමුණක් වේ.

වසර 1989 දී පටන් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මකව පවතින අතර, අදාළ සියලුම රජයේ ආයතන සමඟ වෘත්තීය එය ගනුදෙනු කරනු ලබයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka