gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ආච්චිගේ අඹ ගෙඩි නඩුව කල්යයි

අසල්වැසි නිවෙසකින් අඹ ගෙඩි දහ නවයක් සොරකම් කළ බවටත් සොරකම් කරන ලද එම අඹ ගෙඩි දහනවය සන්තකයේ තබා ගත් බවටත් වයෝවෘද්ධ කාන්තාවකට එරෙහිව අධිකරණය හමුවේ පවතින නඩුව ඔක්තෝබර් මස 2 වැනි දින විභාගයට ගැනීමට අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු හර්ෂණ කැකුණවෙල මහතා නියෝග කළේය.

අදාළ නඩුව ඊයේ (23දා) අනුරාධපුර ප්‍රධාන
මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු හර්ෂණ කැකුණවෙල මහතා හමුවේ යළි කැඳවූ අස්ථාවේ මෙසේ නියෝග කරනු ලැබීය.

අඹ ගෙඩි 19ක් සොරකම් කළ බවට හා එම අඹ ගෙඩි 19 සන්තකයේ තබා ගත් බවටත් පැමිණිල්ල විසින් තමන්ට එල්ල කර ඇති චෝදනා තරයේ ප්‍රතික්‍ෂේප කළ කාන්තාව තමන් නිවැරදිකරු බව ද අධිකරණයට දැනුම් දුන්නාය.

සැකකාර කාන්තාවට ලබන ඔක්තෝබර් මස 2 වැනි දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට ද ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා තවදුරටත් නියෝග කළේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka