gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අමාත්‍යාංශ 10කට නව ලේකම්වරුන්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි‍ අමාත්‍යාංශ 10ක් සඳහා ලේකම්වරුන් පත් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබද අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස පද්මසිරි ජයමාන්න මහතා පත් කර තිබේ.

උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශ ලේකම්වරයා ලෙස ජේ.ජේ.රත්නසිරි මහතා පත් කර ඇති අතර ධීවර හා ජලජ සම්පත් සංවර්ධන හා ග්‍රාමීය ආර්ථිකය පිළිබද අමාත්‍යංශ ලේකම්වරයා ලෙස ඩි.කේ.ආර්.ඒකනායක මහත්මිය පත් කර ඇති බව වාර්තා වේ.

විද්‍යා තාක්ෂණ පර්යේෂණ නිපුණතා සංවර්ධන, වෘත්තීය පුහුණු හා කන්ද උඩරට උරුමය පිළිබද අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස පි.රනේපුර මහතා පත් කර තිබේ.

කමල් පද්මසිරි මහතා පළාත් සභා පලාත් පාලන හා ක්‍රීඩා අමාත්‍යංශ ලේකම්වරයා ලෙස පත් කර ඇති අතර බන්දුල වික්‍රමආරච්චි මහතා සමාජ සුබසාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස පත් කර ඇති බව සඳහන්ය.

 තිරසර සංවර්ධන වනජීවි හා ප්‍රදේශීය සංවර්ධන අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස ඒ.පි.ජි.කිත්සිරි මහතා පත් කර ඇති අතර සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස ජේ.පි.එස්.වීරකෝන් මහත්මිය පත් කර තිබේ.

වාරිමාර්ග ජල සම්පත් හා ආපදා කළමනාකරණ අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස සිසිර කුමාර මහතා ද ජාතික ඒකාබද්ධතා සංහිදියා සහ රාජ්‍ය භාෂා අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස එම්.වයි.එස්. දේශප්‍රිය මහතා ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කර ඇති බව සඳහන්ය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka