gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මනෝ රාජ්‍ය සේවකයින්ගේ භාෂා ගැටලුව විසඳයි

රාජ්‍ය සේවා වෘත්තීය සමිති හා ජාතික සංවාද හා භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් මහතා අතර පැවැති සාකච්ඡාවකින් අනතුරුව රාජ්‍ය සේවකයන්ට සහන සැලසෙන නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට අමාත්‍යවරයා එකඟ වී තිබේ.

එම සාකච්ඡාවේදී වෘත්තීය සමිති විසින් යෝජනා කළ පරිදි දැනට රාජ්‍ය සේවයේ නියුතු නිලධාරීන්ට
අනෙක් රාජ්‍ය භාෂාවේ ප්‍රවීණතාව වෙනුවෙන් පැය 106ක භාෂා පුහුණු පාඨමාලාවක් ලබාදීමට මනෝ ගනේෂන් ඇමැතිවරයා එකඟ වී ඇත.

එමෙන්ම ඉදිරියේදී රාජ්‍ය සේවයට අලුතින් පත්වන නිලධාරීන්ට භාෂා ප්‍රවීණතාව ලබා ගැනීම වෙනුවෙන් සේවාරම්භක පුහුණුවක් ලෙස පැය 150ක භාෂා පුහුණුවක් ලබාදීම, අදාළ භාෂා ප්‍රවීණතාව ලෙස සැලකීමටත්, රාජ්‍ය භාෂා ප්‍රවීණතා විභාග සමත් වන නිලධාරීන්ට දිරි දීමනා ලබාදීමටත් මෙහිදී අමාත්‍යවරයා එකඟ වී තිබේ.

භාෂා ප්‍රවීණතාව සම්බන්ධයෙන් මෙතෙක් නිකුත් කර ඇති සියලුම චක්‍රලේඛ සංශෝධනය කරමින් ඉහත එකඟතාවලට අදාළව නව චක්‍රලේඛයක් නිකුත් කිරීමටද අමාත්‍යවරයා එකඟ වූ අතර මසක් ඇතුළත පවතින ගැටලුවලට අදාළව විසඳුම් ලබාදෙන බව මනෝ ගනේෂන් අමාත්‍යවරයා මෙහිදී වෘත්තීය සමිති නියෝජිතයන් හා ප්‍රකාශ කර ඇත.

2007 වසරෙන් පසු රාජ්‍ය සේවයට ඇතුළත් වන සියලුම රාජ්‍ය සේවකයන් තමන් සේවයට ඇතුළත් වූ භාෂා මාධ්‍ය හැර අනෙක් රාජ්‍ය භාෂාවේ ප්‍රවීණතාව වසර 5ක් ඇතුළත තම තනතුරට අදාළ මට්ටමට ලබාගත යුතු වූ අතර එසේ නොවන රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වර්ධක හා උසස්වීම් නවතා දමා තිබිණි.

මේ හේතුවෙන් ලක්ෂ 14ක් පමණ වන රාජ්‍ය සේවකයන් බරපතල අසාධාරණයකට ලක්ව තිබුණු බව ලංකා ගුරු සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka