gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ග්ලයිෆොසේට් තහනම ඉවත්වීමෙන් "සිලෝන් ටී" ඉල්ලුම අඩුවෙයි

ග්ලයිෆොසේට් තහනම ඉවත් කළ බවට කරන ප්‍රකාශත් සමඟ "සිලෝන් ටී"වලට ජාත්‍යන්තරයෙන් තිබෙන ඉල්ලුමද අඩුවෙමින් ඇතැයි වාර්තා වන බව කුඩා තේ වතු හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

අපනයනය කරන තේවලින් 79%ක් මේ වන විට ලබා දෙන්නේ කුඩා තේ වතු හිමියන් බවත් වෙළෙඳපොළේ ඉල්ලුම අඩුවීම හරහා තේ දලු කිලෝවක් මිලදී ගන්නා මිලද ක්ෂණිකවම පහළ යන බවත් එම සංගමයේ ජාතික සංවිධායක පළාත් සභා
මන්ත්‍රි ලාල්  ප්‍රේමනාත් මහතා සඳහන් කළේය.

තේ සමාගම් කිහිපයක් අධික ලාභ ලබාගැනීම සඳහා දේශපාලනඥයන් කිහිප දෙනකුගේ මාර්ගයෙන් ග්ලයිෆොසේට් තහනම ඉවත් කර ගත් නමුත් කුඩා තේ වතු හිමියන්ට ග්ලයිෆොසේට් පූර්ණ වල්නාශකය අවශ්‍ය නොවන බව හෙතෙම සඳහන් කළේය.

පූර්ණ වල්නාශක භාවිත කර වගාකරන තේ ජාත්‍යන්තර වෙළෙඳපොළේදී මේ වන විට ප්‍රතික්ෂේප වෙමින් තිබෙන බවත් මේ හරහා ලංකා තේවලට ලෝකයේ තිබෙන නම අහිමි වී යමින් තිබෙන බවත් ඔහු කීය.

තේ වගාවට ග්ලයිෆොසේට් කිසි ලෙසකින් අවශ්‍ය නොවන බවත් අවශ්‍යවන්නේ ප්‍රමිතියෙන් යුක්ත රසායනික පොහොර හෝ කාබනික පොහොර පමණක් බවත් ඒ මහතා පැවැසීය.

නමුත් අවශ්‍ය දේ ලබාදීම පැහැරහැර ආණ්ඩුව සමාගම් කිහිපයක් සතුටු කිරීම සඳහා ග්ලයිෆොසේට් කරළියට රැගෙන ආ බවද ඔහු පැවැසීය.

මේ නිසා ග්ලයිෆොසේට් තහනම ඒ ආකාරයටම තබා ගොවීන්ට අවශ්‍ය පොහොර සහනාධාර මුදලකට හෝ ලබාදී තේ කර්මාන්තය දියුණු කිරීමට අවශ්‍ය කටයුතු කළ යුතු බවද ලාල් ප්‍රේමනාත් මහතා වැඩිදුරටත් සඳහන් කෙළේය.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka