gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ශ්‍රී ලාංකීය ශ්‍රමිකයින්ට බංග්ලාදේශ් ව්‍යාපාරිකයින්ගේ විරෝධයක් !

බංග්ලාදේශයේ සේවයේ නිරතව සිටින ඉන්දියානුවන් සහ ශ්‍රී ලාංකිකයන් ඇතුළු විදේශික ශ්‍රමිකයන් හේතුවෙන් ඇමෙරිකානු ඩොලර් කෝටි ගණනක් වාර්ෂිකව සිය රටට අහිමිවන බව එරට ව්‍යාපාරිකයෝ පවසති.

ඒ අතරින් ඩොලර් කෝටි 500කට ආසන්න මුදලක් යැවෙන්නේ ඉන්දියාවට බව ද ඔවුහු පවසති.

සිය රටට එවැනි මුදලක් අහිමි වන්නේ විවිධ
ක්ෂේත්‍රවල සේවයේ නිරතව සිටින විධායක මට්ටමේ සේවකයන් හේතුවෙන් බව ද බංග්ලාදේශ ව්‍යාපාරිකයෝ පෙන්වා දෙති.

බංග්ලාදේශ හාම්පුතුන්ගේ සංවිධානයේ හිටපු සභාපතිවරයා වන ෆස්ලූල් හක් (Fazlul Haque) පවසන පරිදි, විදේශිකයන් විශාල ප්‍රමාණයක් සේවයේ නිරතව සිටින්නේ විශේෂයෙන්ම බහුජාතික සමාගම්, ඇඟලුම් ක්ෂේත්‍රය සහ ඖෂධ සමාගම් වැනි ආයතනවලය.

"ඉන්දීය සහ ශ්‍රී ලාංකික පුරවැසියන් තමයි විදේශික ශ්‍රම බලකායේ වැඩිපුරම ඉන්නේ. ඊට පස්සේ පාකිස්තානය, පිලිපීනය, කොරියාව සහ චීනය වගේ රටවල්," ෆස්ලූල් හක් බීබීසී බෙංගාලි භාෂා සේවයට පැවසීය.

සිය රට තුළ මධ්‍යම සහ ඉහළ මට්ටමේ වෘත්තිකයන්ගේ බරපතල හිඟයක් පැවතීම මේ තත්වයට හේතුව බව ඇඟලුම් ක්ෂේත්‍රයේ නිරත ව්‍යාපාරිකයෙක් බීබීසී සමග පැවසීය.


බංග්ලාදේශ් ඇඟලුම් කම්හලක්  (Getty Images)

"රැකියාවල වගකීම දරන්න සාම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමයෙන් බිහිවන උපාධිධාරීන්ට හැකියාවක් නැහැ. ඒකෙ ප්‍රතිඵලයක් විදියට අපිට විදේශිකයන් බඳවා ගන්න සිද්ද වෙලා තියෙනවා."

විශේෂයෙන්ම ඇඟලුම් ක්ෂේත්‍රයේ රැකියාවලින් 24% ක් විදේශිකයන් බව ප්‍රතිපත්ති සංවාදය සඳහා වූ මධ්‍යස්ථානය (Centre for Policy Dialogue-CPD) විසින් මෑතදී පවත්වන ලද සමීක්ෂණයකින් හෙළි වී තිබේ.

විදේශික ශ්‍රමිකයන් සිය රටවලට යවන මුදල් අතරින් ඩොලර් කෝටි 500 ක් වාර්ෂිකව ඉන්දියාවට යැවෙන බව එම ආයතනය මීට වසර දෙකකට ඉහතදී පවත්වන ලද එවැනි තවත් සමීක්ෂණයකදී හෙළි වී තිබේ.

එලෙස විදේශ විනිමය රටින් පිටතට ගලා යාමට ප්‍රධානම හේතුව පුහුණු ශ්‍රමික හිඟය බව එම මධ්‍යස්ථානයේ පර්යේෂකවරයෙක් පැවසීය.

සරසවි අධ්‍යාපනයේ දුර්වලතාවය ?

බංග්ලාදේශයේ විශ්වවිද්‍යාලවලින් සෑම වසරකම දහස් ගණන් උපාධිධාරීන් බිහි කරන නමුත් ඔවුන්ට නිසි වෘත්තීය පුහුණුවක් හෝ භාෂා පරිචයක් නොමැති බව ව්‍යාපාරික ෆස්ලූල් හක් මේ අතර පෙන්වා දෙයි.

ඔහු පෙන්වාදෙන පරිදි ඔවුන්ට නිසි ලෙස ඉංග්‍රීසි භාෂාව හැසිරවීමට නොහැකිවීම සහ වෘත්තීය මූලෝපාය පිළිබඳ අවබෝධයක් නොමැතිවීම ප්‍රධානම ගැටලු දෙකකි.

"දේශීය උපාධිධාරීන්ගේ තාක්ෂණික අධ්‍යාපනය සම්බන්ධ බරපතල අර්බුදයක් තියෙනවා," ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

මේ අතර CPD ආයතනයේ පර්යේෂක මොඅසම් හොසේන් (Moazzem Hossain) පවසන්නේ, රටේ ප්‍රබල රැකියා හිඟයක් පවතිද්දී සහ උපාධිධාරීන් බොහෝ දෙනා රැකියා විරහිතව සිටියදී විදේශිකයන් විශාල පිරිසක් සිය රටේ රැකියාවල නිරතව සිටීම "අවාසනාවන්ත" තත්වයක් බවය.

"එක පැත්තකින් හාම්පුතාලට රට තුළින් පුහුණු ශ්‍රමය හොයාගන්න බැහැ. අනෙක් පැත්තෙන් අපිට විදේශිකයන්ට අතිවිශාල මුදලක් ගෙවන්න සිද්ද වෙලා. මේක හරිම අවාසනාවන්ත තත්වයක්," ඔහු පැවසීය.


(බීබීසී බෙංගාලි භාෂා සේවයේ Sayala Roksana ගේ විමසුමක් ඇසුරෙනි)




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka