gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

විෂ අඩු පළිබෝධනාශක භාවිතය වැඩිවෙයි

මෙරට වගා කරන වී, එළවළු, පලතුරු ඇතුළු බෝග සඳහා භාවිතා කෙරෙන පළිබෝධනාශක අතරින් අධි විෂ සහිත පළිබෝධනාශක භාවිතය මේ වන විට විශාල වශයෙන් අවම වී ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ශ්‍රී ලංකාවේ පළිබෝධනාශක භාවිතය සම්බන්ධව නිලධාරීන්ගෙන් කළ විමසීමකදී  එම නිලධාරීන් කියා සිටියේ, මේ වන විට අධිවිෂ සහිත
පළිබෝධනාශක භාවිතය අවම වෙමින් තිබෙන අතර, මඳ විෂ සහිත පළිබෝධනාශක භාවිතය වැඩි වෙමින් පවතින බවයි.

පළිබෝධනාශක රෙජිස්ටාර් කාර්යාලයේ තොරතුරු අනුව, උග්‍ර විෂ සහිත පළිබෝධනාශක වර්ග 40 ක් 2002 වර්ෂයේ භාවිතා කළත්, මේ වන විට එය 01 ක් දක්වා 98% න් අඩු වී ඇත.

එමෙන්ම සාමාන්‍ය විෂ සහිත පළිබෝධනාශක 187 ක් 2002 වසරේ ලියාපදිංචි කර ඇති අතර, එය 2016 වර්ෂය වන විට 133 දක්වාත්, සුළු විෂ සහිත පළිබෝධනාශක වර්ග 88 ක් 2002  දී ලියාපදිංචි කර ඇති අතර, එය මේ වන විට 168 ක් දක්වාත්, ඉතාමත් මඳ විෂ සහිත පළිබෝධනාශක වර්ග 115 ක් 2002 වර්ෂයේ භාවිතා කළ අතර, මේ වන විට 162 දක්වාත්, ඉහළ ගොස් ඇත.

විෂ අධික උග්‍ර අවදානම් සහිත පළිබෝධනාශක භාවිතය අවම කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබෙන අතර බෝගවල පළිබෝධනාශක අවශිෂ්ට පරීක්ෂා කිරීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ජාතික වැඩසටහනක් ආරම්භ කරන බවත් සඳහන් කළේ ය.

මෙහිදී අදහස් පළ කළ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේ, වස විසෙන් තොර වගාව සඳහා ගොවිජනතාව උනන්දු කළ යුතු බවයි. කාබනික ගොවිතැන දිරිගැන්වීමට ගොවිජනතාවට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.

මෙම අවස්ථාවට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්.එම්.ඩබ්. වීරකෝන් මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka