gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

16 කණ්ඩායම ඉදිරි මැතිවරණ 'පොහොට්ටුව' ලකුණින් !

ඉදිරියේදී පැවැත්වීමට නියමිත සියලුම මැතිවරණ සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නෙළුම් පොහොට්ටුව යටතේ තරග කරන බව එහි සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවසීය.

ජනාධිපතිවරණය, පාර්ලිමේන්තු මහ මැතිවරණය සහ පළාත් සභා මැතිවරණය ආදී සියලුම මැතිවරණ සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
නෙළුම් පොහොට්ටු යටතේ තරග කරන බවත් ඒ සඳහා එක්වන ඕනෑම අයෙකුට ඒ සඳහා එකඟතාවට එළඹිය යුතු බවද කිසිදු ආකාරයෙන් එම පක්ෂය දියාරු කිරීමට ඉඩ ලබා නොදෙන බවද සභාපතිවරයා පැවසීය.

එකම නායකත්වය යටතේ තම පක්ෂයේ ප්‍රතිපත්ති පිළිගත යුතු බවත් ඒ ඕනෑම කෙනෙකුට එහි දොරටු විවෘත බව ද මහාචාර්යවරයා සඳහන් කළේය.

මහාචාර්ය ජී .එල්. පීරිස් මහතා  සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මාතලේ දිසාවේ උප ප්‍රධාන සංඝනායක රංගිරි දඹුලු රජමහා විහාර භාරකාර අඹගස්වැවේ රාහුල නාහිමියන්  බැහැදැකීම සඳහා පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් හමුවේ මේ බව සඳහන් කළේය.

''මහින්ද නම් කරන කෙනාට සහාය දෙනවා'' - ලක්ෂ්මන් යාපා අබේවර්ධන

මේ අතර   පෙරේදා (26) මාතර උයන්වත්ත ගෘහස්ත ක්‍රීඩාංගනයේ පැවති 'හෘද සාක්ෂියේ නිදහස' සම්මන්ත්‍රණය අමතමින් අදහස් දැක්වූ 16 කණ්ඩායමේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා කියා සිටියේ, එළැඹෙන ජනාධිපතිවරණයේදී තම කණ්ඩායම සහාය පල කරන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් නම් කරන ජනාධිපති අපේක්‍ෂකයෙකුට බවයි.

මේ වනවිට දේශපාලන බලවේග කිහිපයක් තම කණ්ඩායම වටා එකතු වෙමින් සිටින බවත්, එකට එක්වීම සදහා තම පාර්ශවයට ඡන්ද ලකුණු රැසක් ඇති බව සදහන් කළ ඔහු පෙන්වා දුන්නේ පොහොට්ටුව, අත, බුලත්කොළය, පුටුව එම ලකුණු බවයි.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka