gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

2002 වෙළඳ ඇමති කාලේ සුදු සහල් කේස් එකකට රවිට සිතාසි

ආනයනික සුදු කැකුළු සහල් විකිණීමේ ක්‍රියාවලියේ දී මිල දර්ශකයට පටහැනිව සහල් මෙටි්‍රක් ටොන් 1000ක් විකිණීමට නියෝග කර රුපියල් මිලියන 4ක් රජයට පාඩු කළැයි එවකට සමුපකාර තොග වෙළෙඳ සංස්ථාවේ වැඩබලන සාමාන්‍යාධිකාරිවරයාට එරෙහි අල්ලස් නඩුවකට අදාළව අධිකරණය හමුවේ සාක්කි දීම සඳහා හිටපු වෙළෙඳ හා පාරිභෝගික අමාත්‍ය රවි කරුණානායක මහතාට ලබන ජූලි 20 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට කොළඹ අතිරේක
මහෙස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා සිතාසි නිකුත් කළේය.

සිද්ධියට අදාළ නඩුව ඉකුත් 25 වැනිදා කැඳවූ අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රි


 රවි කරුණානායක මහතා අධිකරණයේ පෙනී සිටි අතර මහෙස්ත්‍රාත් දුලානි අමරසිංහ මහත්මිය නොසිටීම හේතුවෙන් මෙලෙස දින නියම කෙරිණි.

සමුපකාර තොග වෙළෙඳ සංස්ථාවේ හිටපු වැඩබලන සාමාන්‍යාධිකාරිවරයකුව සිටි සුනිල් මිලේතියස් විමල් පෙරේරා මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් මේ නඩුව පවරා තිබේ.

නඩුවේ සාක්කි අංක 10 ලෙස සාක්කි ලබා දුන් යූ.කේ. ජස්ටින් උමගිලිය විසින් ඉදිරිපත් කළ කරුණුවලට අනුව නඩුවේ සාක්කි අංක 11 ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රි රවි කරුණානායක මහතා නම් කරන ලෙසත් අධිකරණය හමුවේ පෙනී සිට සාක්කි ලබා දීමට සිතාසි නිකුත් කරන ලෙසත් අල්ලස් කොමිසම ඉකුත් ජනවාරි 09 වැනිදා අධිකරණයෙන් ඉල්ලීමක් කළේය. ඒ අනුව නඩුවට අදාළව පැමිණිල්ලේ සාක්කි අංක 11 ලෙස අධිකරණයේ පෙනී සිට සාක්කි ලබා දීම සඳහා පාරිලිමේන්තු මන්ත්‍රි රවි කරුණානායක මහතා වෙත ඉකුත් ජනවාරි 09 වැනිදා සිතාසි නිකුත් කෙරිණි.

2002 ජූලි මස 01 දින සිට ජූලි 20 දින අතර කාල සීමාව තුළදී රජයේ සේවකයකුව සිටියදී සමුපකාර තොග වෙළෙඳ සංස්ථාවේ හිටපු වැඩබලන සාමාන්‍යාධිකාරිවරයකුව සිටි සුනිල් මිලේතියස් මහතා සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව විසින් ආනයනය කරන ලද සුදු කැකුළු සහල් විකිණීමේ ක්‍රියාවලියේදී රජයට අයුතු සහගත ලෙස හෝ නීති විරෝධී ලෙස පාඩුවක් විය හැකි බව දැන දැනම සහල් කිලෝ 1000ක් කිලෝවක් රුපියල් 17.50 බැගින් විකිණීමට නියෝග කිරීමෙන් රජයට රුපියල් මිලියන 4ක් හෝ ඊට ආසන්න මුදලක පාඩුවක් සිදු කළ බවට අල්ලස් කොමිසම විසින් නඩු පවරා තිබුණේ ඉකුත් 2011 වසරේ ජූලි මස 29 වැනිදාය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka