gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මංගල රූපවාහිනී, ITN නිවුස් පුටු මාරු කරයි

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පසුගිය වසරේ මැයි මාසයේ දී දිවුරුම් දුන් මංගල සමරවීර මහතා අද(18දා) පෙරවරුවේ කිසිදු දැනුම්දීමකින් තොරව ස්වාධීන රූපවාහිනියට සහ ජාතික රූපවාහිනියට ගොස් එහි ප්‍රවෘත්ති මුල් පුටු සම්පූර්ණයෙන් වෙනස්කර තිබේ.

ඒ අනුව රාජපක්ෂ රෙජිමය පෙරලා දැමීමට විශාල වැඩ කොටසක් සිදුකළ මාධ්‍යවේදී සුභාෂ් ජයවර්ධන
මහතා නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ප්‍රවෘත්ති) ලෙස පත් කර තිබේ.

ඊට අමතරව ප්‍රවෘත්ති හා කාලීන වැඩසටහන් කළමනාකරු ලෙස අශෝක වීරසිංහ මහතාත් ප්‍රවෘත්ති කළමනාකරු ලෙස ධම්මික යටිකිද මහතාත් පත්කර ඇතැයි ස්වාධීන රූපවාහිනී අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

ප්‍රවෘත්ති අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ නලින්දා පෙරේරා මහත්මිය ප්‍රවෘත්ති පරිපාලක ලෙස පත්කර තිබේ.

ඊට අමතරව රූපවාහිනියේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ලෙස ටී.එන්.ජී චන්ද්‍රසේකර මහතා පත් කර තිබේ.

කාලීන වැඩසටහන් අංශයේ ප්‍රධානියා ලෙස ධර්මසිරි බණ්ඩාරනායක මහතා ගේ පුතු රංග බණ්ඩාර මහතා පත්කර ඇත.

උදෑසන පුවත් ප්‍රධානියා ලෙස රවී අබේරත්න මහතා පත්කර තිබේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka