gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රාවණා රළු වෙලා - අනතුරු ඇඟවීමක්

බණ්ඩාරවෙල ප‍්‍රදේශයට මේ දිනවලදී ඇදහැලෙන වර්ෂාවත් සමඟ ඇල්ල "රාවණාඇල්ල" දිය ඇල්ල දැඩි ලෙස බිහිසුණු වී තිබීම නිසා දැඩි අනතුරුදායක තත්ත්වයක් මතුවී ඇතැයි ඇල්ල පොලිසිය පවසයි.

මේ වන විට රාවණාඇල්ල දිය ඇල්ලේ ජලය විශාල ලෙස ගලා යන අතර බණ්ඩාරවෙල ඉහල ප‍්‍රදේශයට වර්ෂාව ලැබීමත් සමඟ ඇල්ල ප‍්‍රදේශයට වර්ෂාව නොලැබුණද  රාවණා ඇල්ලේ ජලය විශාල ලෙස
වැඩිවීමෙන් මෙම තත්ත්වය ඇතිවී  තිබේ.

ඇල්ලේ දියනෑම සදහා දෙස් විදෙස් සංචාරකයින් විශාල ප‍්‍රමාණයක් දිනපතාම පැමිණෙන අතර ඇල්ලේ සැඩ පහර වැඩිවීමෙන් දැඩි ජීවිත අවදානමක්ද මතුවී තිබේ.
මෙම තත්ත්වය නිසා මේ දිනවලදී ඇල්ල රාවණා ඇල්ල දිය ඇල්ලට බැස දියනෑමෙන් වැළකී සිටින්නැයි ඇල්ල පොලිසිය සංචාරක පිරිස්වලින් ඉල්ලා සිටිති.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka