gossip lanka

ප්‍රවීන ගායක අයිවෝ ඩෙනිස් ජිවන ගමනට සමු දෙයි

ප්‍රවීන ගායක සහ සංගීතඥ අයිවෝ ඩෙනිස් මහතා ඊයේ ( 18දා) සීදුවේ පිහිටි ඔහුගේ නිවසේදී අභාවප්‍රාප්ත වී තිබේ.

ඒ මහතා මිය යන විට 86වැනි වියේ පසුවී ඇත.

අයිවෝ ඩෙනිස් ශූරීන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සීදූව රෝමානු කතෝලික සුසාන භූමියේදී
හෙට (20දා ) සිදු කරන බව පවුලේ ඥාතීන් සදහන් කර සිටියි.

1950 දශකයේ සිට සිංහල සංගීතයට, සිංහල ජන ගී ආර එක් කළ සුනිල් ශාන්තයන්ගෙන් ගුරුහරුකම් ලැබූ අයිවෝ ඩෙනිස්, ඔහුගේ ගීත වත්මන් පරපුරට දායක කළ සංගීත ශිල්පියාය.

චිත්‍රපට කිහිපයකටම සංගීතයෙන් දායක වී ඇති අයිවෝ ඩෙනිස් මහතා සිංහල සංගීතයේ පරම්පරා 3ක් නියෝජනය කළ ගායකයෙකු ලෙස හැදින්විය හැකි වේ.

1952 වසරේ දී ආධුනික පැය වැඩසටහනට එක්වෙමින් ඔහු ගුවන් විදුලියට සම්බන්ධ වී ඇත. ඒ වරෙන් හීන්සැරේ ගීතය ගායනා කරමින්ය. චිත‍්‍රපට රැසක පසුබිම් ගීත ගායනයට ද අයිවෝ ඩෙනිස් මහතා එක්වී තිබේ.

ඔහුගේ පළමු පසුබිම් ගායනය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ රේඛාව චිත‍්‍රපටයෙන් ඉදිරිපත් කර තිබේ.

එතුමා1985 වසරේ දී ජනාධිපති සම්මානයෙන් පිදුම් ලබා ඇත්තේ හිමකතර චිත‍්‍රපටයේ පසුබිම් ගායනය වෙනුවෙනි.

බඹරුද බඹරුද, බිමට වඩින් බිමට වඩින් ස්වර්ණමාලි කුමාරියේ,කෝකිලයන්ගේ කෝකිල නාදේ, සිංහයෝ අපි සිංහයෝ, ජය අපිටයි ලංකාවේ ආදී ජනප්‍රිය ගීත රැසක් ඔහු විසින් ගායනා කර තිබේ.




gossip lanka