gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

දකුණේ උණට බියෙන් සුද්දො පලා යයි

මේ දිනවල දකුණු පළාත තුළ පැතිර යන වෛරස් උණ රෝගය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයෙහි සහ වෙරළාසන්න ප්‍රදේශයන්හි සංචාරක ව්‍යාපාරයට දැඩි බලපෑමක් එල්ල වී ඇතැයි සංචාරක ව්‍යාපාරයෙහි නියැලෙන්නෝ පවසති.

උණවටුන, මිදිගම, අහංගම, වැලිගම, කඹුරුගමුව සහ ‍පොල්හේන, තලල්ල, දික්වැල්ල සහ තංගල්ල යන ප්‍රදේශයන්ට විදේශීය සංචාරකයන්ගේ පැමිණීම මේ
දිනවල සීඝ්‍රයෙන් පහළ බැස තිබේ.

වෛරස් උණ රෝගය දකුණු පළාත් ප්‍රදේශයන්හි පැතිර යාමත් සමග සංචාරකයෝ මෙහි පැමිණීමට බිය වී සිටිති. ඒ හේතුවෙන් සංචාරක ව්‍යාපාරය මගින් යැපුණු නේවාසික ස්ථාන සැපයූ පිරිස් මෙන්ම සංචාරකයන්ගේ අවශ්‍යතාවයන් සපුරා ජීවත් වූ පිරිස් දැඩි ලෙස අසරණව සිටිති.

හෝටල් සහ සංචාරක නිකේතනයන්හි සේවය කරන සේවකයන්ගේ වැටුප්, ව්‍යාපාර කටයුතු සඳහා ගත් බැංකු ණය වැනි දේ පියවා ගැනීමට තමන්ට නොහැකි තත්ත්වයක් උද්ගතවී ඇතැයි සංචාරක ක්‍ෂේත්‍රයෙහි නියැළී සිටින ව්‍යාපාරික පිරිසද පවසන අතර මේ පිළිබඳව රාජ්‍ය අංශයේ අවධානය යොමු විය යුතු බවද ඔවුහු සඳහන් කරති.




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka