gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පුත්තලමට කුණු ගෙනියන්න කෝච්චියක්!

පුත්තලම අරුවක්කාලු ප්‍රදේශය දක්වා ඝන අපද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම සඳහා දුම්රිය එන්ජින් කිහිපයක් මිලදී ගැනීමට රජය තීරණය කර ඇත.

මේ සම්බන්ධයෙන් මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් කැබිනට් මණ්ඩලයට පෙරේදා (19) ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

ශ්‍රී ලංකාවේ නාගරික ප්‍රදේශවල එක්රැස්වන ඝන
අපද්‍රව්‍ය කළමණාකරණය ප්‍රධාන ගැටළුවක්ව පවතින අතර, මීට විසඳුමක් ලෙස නාගරික ඝන අපද්‍රව්‍ය බැහැර කිරීම පිණිස පුත්තලම, අරුවක්කාලු ප්‍රදේශයේ සනීපාරක්ෂක බිම් පිරවුමක් සිදුකිරීම සඳහා ව්‍යාපෘතියක් ආරම්භකොට ඇත.

මෙම ව්‍යාපෘතිය යටතේ කැළණිය සිට අරුවක්කාලු දක්වා දුම්රිය මගින් අපද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම සිදුවන අතර, ඒ සඳහා දුම්රිය එන්ජින් 04 ක්, බහාලුම් වැගන් 34 ක් හා බහාලුම් පෙට්ටි 94 ක් සපයා ගැනීම අවශ්‍ය වේ.

ඒ අනුව මෙම කාර්ය සඳහා අවශ්‍ය වන දුම්රිය එන්ජින් 04 ක්, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ඇමරිකන් ඩොලර් මිලියන 8.27 ක මුදලකට චීනයේ M/s. Dongfang Electric International Corporation වෙතින් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka