gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

බයික්, ත්‍රීවීල්වලට අලුත් පෙට්‍රල් වර්ගයක්

ත්‍රිරෝද රථ සහ යතුරුපැදි සඳහා නුදුරේදීම නව පෙට්‍රල් වර්ගයක්‌ හඳුන්වා දීමට කටයුතු කරන බව ඛනිජතෙල් සංවර්ධන ඇමැති අර්ජුන රණතුංග මහතා පැවසීය.

අකමැත්තෙන් වුවද ඉකුත් දිනවල ඉන්ධන මිල ඉහළ නැංවීමට රජය පියවර ගත්තද එමගින් ජනතාවට සිදුවන පීඩාව පිළිබඳ කල්පනා කර මෙම තීරණය ගත් බවද
ඇමැතිවරය සඳහන් කළේය.

මේ අනුව නව ක්‍රමවේදයක්‌ තුළින් ජනතාවට සහන සලසන්නේ කෙසේද යන්න පිළිබඳ කරුණු සොයා බලමින් ආර්ථික සහනයක්‌ ලබා දිය හැකි පරිදි නව පෙට්‍රල් වර්ගයක්‌ හඳුන්වා දීමට අත්හදා බැලීම් සිදු කෙරෙන බවද ඇමැතිවරයා අවධාරණය කළේය.

ඛනිජ තෙල් සංස්‌ථා පරිශ්‍රයේදී පැවති නව පත්වීම් ලැබූ ඉංජිනේරුවන් පිරිසකට පත්වීම් ප්‍රදානය කිරීම නිමිත්තෙන් පැවති උත්සවයකදී මේ බව සඳහන් කළ ඇමැතිවරයා නව පෙට්‍රල් වර්ගයක්‌ හඳුන්වා දීමට සිදුකරන අත්හදා බැලීම සාර්ථක වනු ඇතැයි තම විශ්වාසය බවද පැවසීය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka