gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කොටියා මැරූ අයට ලැබෙන උපරිම දඬුවම මෙන්න

කිලිනොච්චිය, ආම්බල්කුලම ප‍්‍රදේශයේදී පහරදී කොටියෙකු ඝාතනය කළ තැනැත්තන්ට එරෙහිව නීතිය වහා කි‍්‍රයාත්මක කළයුතු බව පරිසරවේදීන් අවධාරණය කරනවා. නීතිය නිසි ලෙස කි‍්‍රයාත්මක නොවීම නිසා මිනිස් කි‍්‍රයාකාරකම්වලින් වනසතුන් ඝාතනයට ලක්වීම දිගින් දිගටම සිදුවන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

පරිසරවේදී සජීව චාමිකර පවසන්නේ වන සතුන්ගේ වාසස්ථාන සුරක්ෂිත කළ යතු බවයි. කොටියකු මරා
දැමීමේ වරදට 30000 - 100000 ත් අතර දඩයක් හෝ වසර 2ත් 5ත් අතර දඬුවමක් හෝ මෙම දඬුවම් දෙකටම යටත් කළ හැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ.

කිලිනොච්චිය, ආම්බල්කුලම ප‍්‍රදේශයේදී පිරිසක් පහරදී කොටියෙකු ඝාතනය කළේ ඊයේ දිනයේදීයි. වරින්වර ගම්වැදුනු මෙම කොටියාගේ පහරදීම්වලට ලක්ව පුද්ගලයින් දස දෙනෙකු පමණ තුවාල ලබා ඇතැයි ඔවුන් පැවසුවා. කොටියා අල්ලා ගැනීමට වනජීවි නිලධාරීන්ද ඊයේ පෙරවරුවේ උත්සාහ කළත් එම මෙහෙයුම නතර කර ඔවුන් පිටව ගියේ ප‍්‍රදේශවාසීන් රාජකාරියට බාධා කරන බව පවසමින්. ප‍්‍රදේශවාසීන් විසින්ම කොටියා කොටුකර ගෙන පහරදී ඝාතනය කර ඇත්තේ ඉන් අනතුරුවයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka