gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රජරට විශ්වවිද්‍යාලය හදිසියේ වසාදමයි

රජරට විශ්වවිද්‍යාලය දින නියමයක් නොමැතිව වසා දැමීමට පාලනාධිකාරිය තීරණය කර තිබෙනවා.

එම විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් ඊයේ (21) සවස පරිපාලන ගොඩනැගිල්ලට ඇතුළු වී බලහත්කාරයෙන් එහි රැදී සිටීම හේතුවෙන් මෙම පියවර ගත් බවයි උපකුලපති මහාචාර්ය රංජිත් විජේවර්ධන සදහන් කළේ.

මේ හේතුවෙන් නේවාසිකාගාරවල සිටින සිසුන් අද
පෙරවරු 10ට පෙර ඉන් පිටවන ලෙසට පාලනාධිකාරිය දැනුම්දී තිබෙනවා.

මේ වනවිට පන්ති තහනමකට ලක්ව සිටින රජරට විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් සම්බන්ධයෙන් සහ දැනට සිසුන් මුහුණපා ඇති ගැටලූ කිහිපයක් සම්බන්ධයෙන් උපකුලපතිවරයා මහාශිෂ්‍ය සංගමයට ඊයේ සාකච්ඡාවක් ලබාදී තිබෙනවා.

එම සාකච්ඡාවට තම සාමාජිකයින් ගිය අවස්ථාවේ උපකුලපතිවරයා වෙනත් ආචාර්යවරයෙකු ඊට සහභාගි කරවූ බවයි මහා ශිෂ්‍ය සංගමයේ ප්‍රකාශකයෙකු සදහන් කළේ.

ඊට විරෝධය පළ කරමින් පරිපාලන ගොඩනැගිල්ලේ රැදී සිටීමත් සමග විශ්වවිද්‍යාලය වසා දමන බවට පාලනාධිකාරිය තමන්ට දැනුම්දුන් බවයි එහි සභාපති ප්‍රදීප් ප්‍රේමලාල් සදහන් කළේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka