gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අර්ජුන නැකතට යැවූ බවුසර් දෙකම හරවා එවයි

ඛණිජ තෙල් අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ පෙරේදා (20) දහවල් පැවති දියර තාර හදුන්වාදීමේ උත්සවයේදී මංගල පියවර වශයෙන් පිටත් කර යැවූ දියර තාර බවුසර් දෙකක් පැය කිහිපයක් ඇතුලත ප්‍රතික්ෂේප කර නැවත හරවා එවීමට මාගා ඉදිකිරීම් ආයතනය පියවර ගෙන ඇත.

මෙම දියර තාර හදුන්වාදීමේ උත්සවයේදී පිටත් කර යැවූ එම බවුසර දෙක නැවත හරවා එවා ඇත්තේ
අදාල අායතනයේ රසායනාගාර පරීක්ෂණ වලදී නිසි ප්‍රමිතියෙන් තොර බවට සනාථ වීමෙන් පසුවය. ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයට ලක්ෂ ගණනක් වියදම් කර සපුගස්කන්ද පිරිපහදුවේ මාර්ග පවා කාපට් යොදා උත්සවශ්‍රීයෙන් පවත්වා ඇති අතර උත්සවයෙන් පැය කිහිපයක් ගත වීමට මත්තෙන් එම බවුසර් නැවත හරවා යවා තිබේ.

මේ වන විට ප්‍රතික්ෂේප වූ තාර දියර පිරිපහදුවේ ටැංකියකට ගබඩා කර ඇති බවත් මෙම දියර තාර නිෂ්පාදනය කිරීමේ නව ව්‍යාපෘතිය අරඹා ඇත්තේ දැවි තෙල් ආනයනය කර පිරිපහදු කිරීමෙන් පසු බවත් සේවකයින් පෙන්වා දෙති.

තිස්ස රවීන්ද්‍ර පෙරේරා

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka