gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඇලෝසියස්ගෙ පියාත් අධිකරණයට

බැඳුම්කර වංචාවට සම්බන්ධ අර්ජුන් ඇලෝසියස් මහතාගේ පියා වන පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝසියස් යන අයට ජූලි 5 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය ඊයේ (21දා) නොතිසි නිකුත් කළාය.

ඒ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ සෘජු හා වක්‍ර වත්කම්
පිළිබඳ ප්‍රකාශන වාර්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා නොදීම සම්බන්ධයෙනි.

නීතිපතිවරයා නියෝජනය කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් හරිප්‍රිය ජයසුන්දර මහත්මිය විසින් අධිකරණයෙන් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරිය එලෙස නොතිසි නිකුත් කළාය.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණයෙන් ඉල්ලා සිටියේ වරලත් ගණකාධිකාරිවරයකු විසින් සකස් කරන ලද පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ සෘජු හා වක්‍ර වත්කම් පිළිබඳ පූර්ණ ප්‍රකාශනයක් සහිත වාර්තාවක් අධිකරණය ලබා දුන් නියෝගයන්ට අනුව පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපතිවරයා වන ජෙෆ්රි ඇලෝසියස් යන අය මෙතෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදීමට කටයුතු නොකර ඇති බවත්, ඒ පිළිබඳ නියෝගයක් නිකුත් කරන ලෙසය.

ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමෙන් රුපියල් මිලියන 3ක මුදලක් අමාත්‍යවරයකුට ලබාදීම සම්බන්ධයෙන් ඉකුත් නඩු දිනයේදී සිදුකළ කරුණු දැක්වීමට අදාළව රුපියල් මිලියන 3ක මුදලක් අමාත්‍යවරයා වෙත ලබාදීම සම්බන්ධව අමල් රවීන්ද්‍රනාත් ඩයස් නමැත්තකුගේ සාක්ෂි ඇතුළත් සාක්ෂි සම්බන්ධයෙන්ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

චෙක් දසදහසක ප්‍රමාණයක් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම සහ ඊට අනුබද්ධ සමාගම් හරහා නිකුත් කර තිබෙන බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය අධිකරණයට දන්වා සිටියාය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka