gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රංගේබණ්ඩාර තරුණයිට උපදෙස් දෙයි

තරුණ පරපුර නායකයන් ලෙස සමාජගත වීම රටේ ඉදිරි ගමනට ඉතා වැදගත් සාධකයක්‌ බවත් ඔවුන් එක්‌ එක්‌ පුද්ගලයන්ගේ ඉත්තන් නොවී තම වගකීම සහ යුතුකම ඉටුකළ යුතු කාලය පැමිණ ඇති බවත් වාරිමාර්ග ජල කළමනාකරණ සහ ආපදා කළමනාකරණ රාජ්‍ය ඇමැති පාලිත රංගෙ බණ්‌ඩාර පැවසීය.

තරුණ පරපුර හුදෙකලා වීම තුළ සමස්‌ත සමාජයම අනතුරුදායක
හා භයානක තත්ත්වයන්ට මුහුණදීමට ඉඩ ඇතැයි ද ඇමැතිවරයා සඳහන් කළේය.

ආණමඩුව වෘත්තීය පුහුණු මධ්‍යස්‌ථානයේදී ඉකුත් දා පැවැති තරුණ නායකයන් පුහුණු කිරීමේ වැඩමුළුවක්‌ අමතමින් හෙතෙම මේ බව කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ අමාත්‍ය පාලිත රංගෙ බණ්‌ඩාර මහතා මෙසේද පැවසීය.

“වර්තමානයට වැඩි වැඩියෙන් නායකයන් අවශ්‍යයි. තාරුණ්‍යයට හෙටක්‌ යනුවෙන් පැවසූ කාලයක්‌ ද පැවතුණා. එහෙත් තාරුණ්‍යයට උදාවූ යහපත් හෙටක්‌ අප දුටුවේ නැහැ. ඒ සියල්ල ක්‍රියාත්මක වූයේ කිහිප දෙනකු වෙනුවෙන් පමණයි. සමස්‌ත තරුණ පරපුරම අතරමං වූ තත්ත්වයක්‌ නිරීක්‍ෂණය වුණා. නායකයන් ලෙස ගොඩනැඟෙන ඔබ එකිනෙකාගේ ඉත්තන් ලෙස පිටුපස ගමන් කළ යුතු නැහැ. ඔබේ ගොඩනැඟීමට, ඔබේ ව්‍යාපෘති නිසි ලෙස ක්‍රියාවට නැගීමට දේශපාලකයින් උදව් උපකාර කළ යුතුයි. එතැනදී පක්‍ෂ පාට වැදගත් වන්නේ නැහැ”


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka