gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

LTTE ඇඳුම්, කොඩි සහ බෝම්බ තොගයක් රැගෙන යමින් සිටි පිරිසක් හසුවෙයි

LTTE සංවිධානයේ හමුදා ඇඳුම්, LTTE සංවිධානයේ කොඩි හා ක්ලේමෝ බෝම්බ තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අද (22) අලුයම මුලතිව් ඔඩ්ඩුසුඩාන් මාර්ග‍යේදී අත්අඩංගුවට ගෙන ඇති බව මුලතිව් ඔඩ්ඩුසුඩාන් පොලිසිය පවසයි.

පොලිසිය පැවසූවේ සැකකරුවන් ත්‍රිරෝද රථයකින් අදාළ භාණ්ඩ හා පුපුරණ ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි අවස්ථාවක අත්අඩංගුවට ගෙන ඇති බවයි.

පොලීසිය සිදුකළ හදිසි සෝදිසි කිරීමකදී අදාළ
පුද්ගලයින් හා භාණ්ඩ අත්අඩංගුවට ගැනීමට හැකිවු බවද පොලීසිය සඳහන් කළේය.

සැකකරුවන් තිදෙනෙකු ත්‍රිරෝද රථයේ පැමිණ ඇති අතර, අත්අඩංගුවට ගැනීම සිදුකරන අවස්ථාවේ පුද්ගලයෙකු පළාගොස් ඇති බවද ආරක්ෂක අංශ ආරංචි මාර්ග පවසති.

අදාළ පුද්ගලයින් අදාළ භාණ්ඩ හා උපකරණ කුමන හේතුවක් මත ගෙන ආවේද යන්න සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka