gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

යාපනයේ ආවා කල්ලියෙන් තවත් දෙදෙනෙකු කපා පලා යයි…

යාපනය කෝපායි පොලිස් වසමේ කොකුවිල් ප්‍රදේශයේදී 17 රාත්‍රියේ තියුණු ආයුධ ගත් පිරිසකගේ පහරදීමක් හේතුවෙන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කොට ඇති බවට කෝපායි පොලීසිය කියා සිටියේය.

කොකුවිල් නැගෙනහිර ප්‍රදේශයේදී මෙම පහරදීම සිදුව ඇති අතර ඊයේ රාත්‍රියේ ගොවිතැන් කටයුතු නිම කොට කුඹුරේ සිට නිවස වෙතට යමින් සිටි
දෙදෙනෙකු වන 28 හැවිරිදි ශ්‍රී රංගනාදන් කේමලන් හා 24 හැවිරිදි ෂන්මුගරාසා සිවදීපන් නැමති අයට මෙම පහරදීම සිදු කොට ඇති බවට කෝපායි පොලීසිය කියා සිටියේය.

අදාල ගොවීන් දෙදෙනා නිවස වෙතට යමින් සිටියදී 15 දෙනෙකුගෙන් පමණ සමන්විත පිරිසක් යතුරුපැදිවලින් පැමිණ තමන්ට පහරදී පලා ගිය බවටත් පහරදුන් පිරිස් නාදුනන බවටත් තුවාල ලත් පිරිස් පොලීසියට පවසා ඇති අතර අදාල පහරදීම ආවා කල්ලියේ ක්‍රියාවක් බවට පරික්ෂණ සිදු කරන කෝපාලිය පොලීසිය වැඩි දුරටත් කියා සිටියේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka