gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සිර දඬුවම් ලැබූ හිමිවරුන් 15නමක් 'ජම්පරයෙන්' බන්ධනාගාරවල!

මිනී මැරුම් ඇතුළු විවිධ හේතූන් යටතේ අධිකරණවලින් වැරැදිකරුවන් බවට පත්වී දඬුවම් ලැබූ චීවරධාරීන් 15 දෙනකු මේ වනවිට වැලිකඩ බන්ධනාගාරය ඇතුළුව බන්ධනාගාර කිහිපයක සිරගත කර තිබෙන බවත්, එකී සියලු දෙනා සෙසු සැකකරුවන් මෙන් බන්ධනාගාර සිර ඇඳුම (ජම්පරය) ඇඳ සිටින බවත්, බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක කොමසාරිස් තුෂාර උපුල්දෙණිය මහතා පැවැසීය.

මෙම පිරිස අතර මාස 06 සිට වසර 6-7 දක්වා වූ කාල
පරාසයක සිර දඬුවම් ලැබූවන් සිටින බවද, වැලිකඩ බන්ධනාගාරයේ පමණක් එසේ දඬුවම් ලැබූ චීවරධාරීන් 08 දෙනකු සිටින බවද ඒ මහතා පැවැසීය.

මෙම සිරගත පිරිසට අමතරව විවිධ හේතූන් මත සැකපිට අත්අඩංගුවට ගත් චීවරධාරීන් 10ක් වැලිකඩ ඇතුළු බන්ධනාගාර කිහිපයක රඳවා ඇති බවත් ඒ මහතා පැවැසීය.

මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය මහතා වැඩිදුරටත් කියා සිටියේ සිරගත කර සිටින පූජ්‍ය හෝ පූජක පක්ෂයේ කිසිදු සිරකරුවකුට විශේෂත්වයක් දක්වා නොමැති බවත්, ඔවුන් සෙසු සිරකරුවන් මෙන්ම බන්ධනාගාර නීති රීතිවලට යටත්ව කටයුතු කරන බවත්ය.

''ඥාණසාර හිමිට දඬුවම් කළේ රටෙහි පවතින නීතිය අනුවයි'' - අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමතිනී තලතා අතුකෝරාල

 මේ අතර අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමතිනී තලතා අතුකෝරාල මහත්මිය පැවසුයේ, ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙත අධිකරණය විසින් පනවන ලද දඬුවම රටෙහි පවත්නා සම්මත නීති යාන්ත්‍රණය ක්‍රියාත්මක වීමක් මිස දේශපාලනික ක්‍රියාවක් හෝ මර්දනකාරී ක්‍රියාවක් නොවන බව මෙරට නීතිගරුක සෑම පුරවැසියෙකුම වටහාගනු ඇතැයි කියාය.

මේ අතර ඊයේ (18) මාධ්‍ය හමුවක් පවත්වමින් පූජ්‍ය ඕමාරේ කස්සප හිමියන් කියා සිටිනුයේ ඥානසාර හිමියන් වහාම සිරෙන් නිදහස් නොකළහොත් භික්ෂූන් වහන්සේලා උද්ඝෝෂණ කරන බවටත් රාජ්‍ය උත්සව වර්ජන කරන බවටත් රජයට අනතුරු අඟවා සිටින බවකි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka