gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගුයි ! සේවයට නොආවොත් දොට්ට !!

තැපැල් දෙපාර්තමේන්තුවේ සියළු සේවකයන්ගේ නිවාඩු අවලංගු කර ඇති බැවින් සියළු සේවකයන් 2018 ජුනි 19 වන විට සේවයට වාර්තා කළ යුතු බවත්, නො එසේ නම් ඔවුන් තනතුර අතහැර ගියාසේ කටයුතු කරනු ඇති බවත් තැපැල්පති රෝහණ අභයරත්න මහතා සියළු තැපැල් සේවකයන් වෙත නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.

එම නිවේදනයෙහි මෙසේද දැක්වෙයි.

"සියළුම තැපැල් කාර්යාල විවෘත කර රාජකාරි කිරීම
සඳහා අවශ්‍ය පහසුකම් සහ ආරක්ෂාව සැපයීමේ වගකීම මාණ්ඩලික නිලධාරීන් සතුය. ඒ සඳහා අදාල ප්‍රදේශයේ පොලිසියේ සහය ලබා ගත හැකි අතර, මේ සම්බන්ධයෙන් පොලිස්පතිතුමා දැනුවත් කර ඇත.

සේවයට වාර්තා නොකරන තාවකාලික, අනියම්, ආදේශක, වැඩබලන සහ පත්වීම් ස්ථිර නොකරන ලද කාර්ය මණ්ඩලයේ රැකියා සුරක්ෂිතභාවය පිළිබඳව තවදුරටත් පරිපාලනය විසින් වගකියනු නොලැබේ.

කාර්යභාර තැපැල් ස්ථානාධිපති හා අංශභාර ප්‍රධානීන් තමන්ගේ වගකීම හා කාර්යභාරය තැපැල් ස්ථානාධිපති අත්පොත, තැපැල් රෙගුලාසි සහ රාජ්‍ය සේවකයන්ට අදාළ විධිවිධාන අනුව කටයුතු කළ යුතු බව අවධාරණය කරන බවද තැපැල්පතිවරයා නිකුත් කළ නිවේදනයෙහි දැක්වෙයි.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka